වසර 37ක ගමනකින් පසු 37 වැනි පොලිස්පති වන ප්‍රියන්ත !

Share post:

2024 සැප්තැම්බර් 27 වැනිදා සිට 2025 අගෝස්තු 12 වැනිදා දක්වා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ 37වැනි පොලිස්පතිවරයා ලෙස අද (12) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කිරීමට නියමිත ය.

ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යොමුකර තිබිණි. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එම සභාව අද පෙරවරුවේ රැස්වීමෙන් පසු ඊට අනුමැතිය ලබාදුන්නේය.

ප්‍රියන්ත වීරසූරිය 1988 වර්ෂයේ පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබා, 1988 වසරේ මැයි 20 වැනිදා පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක් විය. 1992 වර්ෂය වන තුරු පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් රථවාහන අංශයේ සේවය කළ වීරසූරිය මහතා, 1992 අගෝස්තු 20 වැනිදා සිට උප පොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබුවේය. 1993 වර්ෂයේ සිට 1998 වර්ෂය දක්වා ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හැදෑරීය.

2007 වර්ෂයේදී පොලිස් අධිකාරි ධුරයටත්, 2012 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයටත් පත්වූ ඔහු, 2016 වර්ෂයේදී නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්විය. පොලිස් නීති කොට්ඨාසයේ සහ සැපයුම් කොට්ඨාසයේත්, එක්සත් ජාතීන්ගේ සාමසාධක සේවයේ නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේත් ඔහු සේවය කර ඇත.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාදෙන ලද්දේ 2024 ජූලි 24 වැනිදා ය. එම නියෝගය ලබාදෙන ලද්දේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් සලකාබැලීමෙන් අනතුරුව ය. ඉන්පසු මාස 03ක කාලයක් හිස්ව තිබූ පොලිස්පති ධුරයට, වැඩ බලන පොලිස්පතිවරයා ලෙස එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කරන ලදි. ඒ, 2024 සැප්තැම්බර් 27 වැනිදා ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...