පලස්තීනයේදී මාධ්‍යවේදීන් 186ක් මරලා – ජනහඬ නිහඬ කිරීමේ උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී !

Share post:

මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට විරෝධය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළකුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.

ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි වේ. අපි  ඔවුන් පිළිබඳව ශෝක වන්නෙමු. එසේම පලස්තීනයට ඇතුළු වීම විදෙස් මාධ්‍යවේදීන්ට තහනම් කර ඇති පසුබිමක එහි සිට වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේ සංහාරයේ ගොදුරු බවට පත්ව සිටින ජනයාගේ හඬ නිහඬ කිරීමට බැවින් ඒ පිළිබඳව අපගේ දැඩි විරෝධය පළ කරන්නෙමු.

CPJ වාර්තාවලට අනුව 2023ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා පලස්තීනයේදී ඝාතනය කර ඇති මාධ්‍යවේදීන් ගණන 186කි.  BBC, AP, සහ AFP ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් තම වාර්තාකරුවන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා අවධාරණය කළ අතර ඔවුන්ට යැපීමට තරම් ආහාර හෝ නොමැති බව සඳහන් කළේය. BBC සේවය වාර්තාවක් මුදා හරිමින්, දින ගණනක් නිරාහාරව සිටි තමන්ගේ නිදහස් සේවකයින් තිදෙනෙකු හා ඔවුන්ගේ පවුල් පිළිබඳ හෙළිදරව්වක් සිදු කළේය.

මේ ඊශ්‍රායල්  ආණ්ඩුව පලස්තීන ජනසංහාරය අතරතුර දියත් කර ඇති මාධ්‍ය මර්ධනයේ සැබෑ ස්වරූපයයි. රටක ජාතික ආරක්ෂාව සළසා ගැනීම හෝ ත්‍රස්තවාදයට පිළිතුරු දීම තුළ හෝ පවත්නා සැබෑ වුවමනාව ඉක්මවා සිදුවන මේ සියලු සංහාරද එහි ගොදුරු බවට පත්ව සිටින පලස්තීන ජනතාවගේ හඬ නිහඬ කිරිමටසිදුවන මාධ්‍ය මර්දනයදහෙලා දැකීමටඅප හා එක්වන මෙන් සමස්ත ලෝක ප්‍රජාවගෙන් අපි ඉල්ලා සිටිමු.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...