පලස්තීනයේදී මාධ්‍යවේදීන් 186ක් මරලා – ජනහඬ නිහඬ කිරීමේ උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී !

Share post:

මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට විරෝධය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළකුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.

ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි වේ. අපි  ඔවුන් පිළිබඳව ශෝක වන්නෙමු. එසේම පලස්තීනයට ඇතුළු වීම විදෙස් මාධ්‍යවේදීන්ට තහනම් කර ඇති පසුබිමක එහි සිට වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේ සංහාරයේ ගොදුරු බවට පත්ව සිටින ජනයාගේ හඬ නිහඬ කිරීමට බැවින් ඒ පිළිබඳව අපගේ දැඩි විරෝධය පළ කරන්නෙමු.

CPJ වාර්තාවලට අනුව 2023ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා පලස්තීනයේදී ඝාතනය කර ඇති මාධ්‍යවේදීන් ගණන 186කි.  BBC, AP, සහ AFP ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් තම වාර්තාකරුවන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා අවධාරණය කළ අතර ඔවුන්ට යැපීමට තරම් ආහාර හෝ නොමැති බව සඳහන් කළේය. BBC සේවය වාර්තාවක් මුදා හරිමින්, දින ගණනක් නිරාහාරව සිටි තමන්ගේ නිදහස් සේවකයින් තිදෙනෙකු හා ඔවුන්ගේ පවුල් පිළිබඳ හෙළිදරව්වක් සිදු කළේය.

මේ ඊශ්‍රායල්  ආණ්ඩුව පලස්තීන ජනසංහාරය අතරතුර දියත් කර ඇති මාධ්‍ය මර්ධනයේ සැබෑ ස්වරූපයයි. රටක ජාතික ආරක්ෂාව සළසා ගැනීම හෝ ත්‍රස්තවාදයට පිළිතුරු දීම තුළ හෝ පවත්නා සැබෑ වුවමනාව ඉක්මවා සිදුවන මේ සියලු සංහාරද එහි ගොදුරු බවට පත්ව සිටින පලස්තීන ජනතාවගේ හඬ නිහඬ කිරිමටසිදුවන මාධ්‍ය මර්දනයදහෙලා දැකීමටඅප හා එක්වන මෙන් සමස්ත ලෝක ප්‍රජාවගෙන් අපි ඉල්ලා සිටිමු.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...