ලංකාවෙ නමින් චන්ද්‍රිකාවක් නෑ – කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස

Share post:

ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පවසයි.

අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වු මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය. සුප්‍රිම් සැට් සමාගම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමඟ 2012 මැයි 23 ගිවිසුමකට එළඔ තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය. මෙම සුප්‍රිම් සැට් සමාගමේ විගණනන සමාගම වන Ranwatta & Co විසින් ලබාදුන් විගණන වාර්තාවල රුපියල් බිලියන 12ක පමණ වටිනාකමින් යුත් චන්ද්‍රිකාවක වත්කම් 2013 – 2014 වර්ශවල ගිණුම් වාර්තාවලට ඇතුළත් කර තිබෙන බව ද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් 2014-2015 වර්ෂවලදී එම චන්ද්‍රිකාව සම්බන්ධයෙන් වු වත්කම් එම ගිණුම් වාර්තාවලින් ඉවත් කර තිබෙන බවත් සුප්‍රිම් සැට් සමාගම විසින් ආයෝජන මණ්ඩලයට ලබාදෙන විගණන වාර්තාවලට අදාළ ව චන්ද්‍රිකාව හරහා ලැබු ආදායමක් වශයෙන් ආදයමක් සඳහන් නොවන බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද සදහන් කළේය. (උපුටාගැනීම-whatnews.lk)

ලෝකයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය. ඉන්ටර්නැෂනල් ටෙලිකොම්නිකේෂන් යුනියන් (International Telecommunication Union) නැත්නම් අයි ටී යූ එක. මේ අයි ටී යූ එකෙන් තමයි මේ සම්බන්ධ තාක්ෂණික සහ සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු කරන්නේ.

එම අයි ටී යූ ආයතනය චන්ද්‍රිකාවක් ගොනුගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනකින් සමන්විත වන බව කියලා තියෙනවා. පළවෙනි එක තමයි සැලසුම් කර ඇති චන්ද්‍රිකා ජාලය තාක්ෂණික තොරතුරු අදාළ පරිපාලන ආයතනය විසින් අයි ටී යූ වෙත ඉදිරිපත් කිරීම. දෙවනුව මෙම ඉදිරිපත් කරන තොරතුරු විසින් අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ සන්නිවේදන බාධා වළක්වා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීම. තුන්වෙනුව ලියාපදිංචි කිරීම සහ ජාත්‍යන්තර පිළිගැනීම් සඳහා අවසාන පැරාමිතීන් දැනුම් දීම. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් මේ ලෝකෙම පිළිගත්ත, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් වන ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම සඳහා පිළිගත්ත සම්මත ක්‍රමවේදය. මේ සඳහා අවම වසර තුනක් සාමාන්‍යයෙන් උපරිම වසර හතක් ගතවෙනවා. අන්න ඒ ක්‍රියාවලිය මෙම අයි ටී යූ කියන ආයතනයේ ලංකාවේ සාමාජිකත්වය දරන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. ඒ අනුව අපට මේ භූස්ථාපන කක්ෂවල ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙනවා එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන ස්ථාන දෙක. භූ කක්ෂ පනහා සහ එකසිය විසි එකයි දශම පහ තමයි ලංකාවට හිමි වෙලා තියෙන්නේ. හැබැයි මේ එකේ තිබෙන තොරතුරු අනුව මේ ස්ථාන අපිට වෙන් වෙලා තිබෙන අතරෙම මෙන්න මේ රටවලට, ඇෆ්ගනිස්ථානය, කිරිකිස්ථානය, මොල්දෝවා, නේපාලය, ටග්ගනිස්තා සහ රොමේනියා වගේ රටවලටත් අවශ්‍ය නම් බාධාවකින් තොරව මේ ස්ථානවල ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අයි ටී යූ එකේ තියෙන තොරතුරු අනුව දැනට මේ එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන භූස්ථාන කක්ෂවල ලංකාව නමින් චන්ද්‍රිකාවක් නැහැ. ඊට පස්සේ මේ අයි ටී යූ එක හරහා අපි හොයලා බැලුවා සුප්‍රීම් සැට් වන් නමින් චන්ද්‍රිකාවක් පවත්වනවාද කියලා. එහෙම එහෙකුත් නැහැ. සුප්‍රීම් සැට් වන් එක පස්සේ කාලෙක චයිනාස් ඇට් ටුවෙල් කියලා නම් කරා කියලා වාර්තා කරලා තියෙනවා. මේ ලංකාවට අදාළ ස්ථානයේ කක්ෂස්ථානයේ චයිනා සැට්වෙල් එකත් අයි ටී යූ වෙබ් සයිට් එක අනුව සඳහන් වෙන්නේ නැහැ. 

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2015 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2015 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...