DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි !

Share post:

Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමටසංවිධානය කළ DBL Nightකොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්විණි.2006 සිට DBL අලෙවි නියෝජිතයන් ඇගැයීමට පැවැති වැඩසටහන් අතරින් විශාලම වැඩසටහන වන ඊට සහභාගී වූ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 500කට අධිකය. ශ්‍රී ලංකා ජාතිකක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියසහ Dongchengසමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවිකළමනාකරු ජෝ චෙන්ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ. එහිදී DBLයන්ත්‍රෝපකරණ, Dongchengබල මෙවලම්, අමතර කොටස්,අනෙකුත් උපාංග වැනි අංශවලට අදාළ ඉලක්ක සැපිරූ අලෙවි නියෝජිතයන්ට තෑගි වවුචර් ඇතුළු ත්‍යාග රැසක් පිරිනැමිණි. Dongchengබල මෙවලම් අංශයේ කැපී පෙනෙන අලෙවි ඉලක්ක ළඟා කර ගත් අලෙවි නියෝජිතයන් 30කට දින පහක කාලයකට චීනයේ ෂැන්හයි බලා යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර පිරිනැමිණි.එම සංචාරයේ සියලු වියදම් සමාගමදරයි. සංචාරයේදී Dongchengකර්මාන්තශාලාව නැරඹීමටද ඔවුන්ට අවස්ථාව ලැබේ.

ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DBL සමාගම ඔවුන්ගේම සහ එක්සත්ජනපදය,චීනය,තායිවානය,ඉන්දියාව,ජර්මනියසහ තවත් බොහෝ රටවලට අයත් සන්නාම යටතේ එන නිෂ්පාදන රැසක් අලෙවි කරයි. පසුගිය කාලයේදී එම සමාගම දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා තිබේ. ගෝලීය සන්නාමයක් වන OREGONපිරිනමනඇගැයීම් සම්මාන, 2024දී චීනයේ පැවැති වෙළෙඳ සහකරු සම්මේලනයේදී දිනූ ආසියා පැසිෆික් කළාපයේ විශිෂ්ටම අලෙවිකරු සම්මානය,ආසියා පැසිෆික් කළාපයේ ඉහළම කාර්ය සාධනයක් සහිත බෙදාහරින්නා වෙනුවෙන් පිරිනමනChampions of All Champions සම්මානය ඔවුන් දිනූ ජාත්‍යන්තර සම්මාන අතරින් කිහිපයකි.සිය නිෂ්පාදන වපසරිය වඩාත් පුළුල් කරමින් ඉදිකිරීම්,වාහන,කෘෂිකාර්මික,කාර්මික, දැව නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍රවල වර්ධනයට දායක වීම DBLසමාගමේ ප්‍රධාන අරමුණ වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...