DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි !

Share post:

Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමටසංවිධානය කළ DBL Nightකොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්විණි.2006 සිට DBL අලෙවි නියෝජිතයන් ඇගැයීමට පැවැති වැඩසටහන් අතරින් විශාලම වැඩසටහන වන ඊට සහභාගී වූ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 500කට අධිකය. ශ්‍රී ලංකා ජාතිකක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියසහ Dongchengසමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවිකළමනාකරු ජෝ චෙන්ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ. එහිදී DBLයන්ත්‍රෝපකරණ, Dongchengබල මෙවලම්, අමතර කොටස්,අනෙකුත් උපාංග වැනි අංශවලට අදාළ ඉලක්ක සැපිරූ අලෙවි නියෝජිතයන්ට තෑගි වවුචර් ඇතුළු ත්‍යාග රැසක් පිරිනැමිණි. Dongchengබල මෙවලම් අංශයේ කැපී පෙනෙන අලෙවි ඉලක්ක ළඟා කර ගත් අලෙවි නියෝජිතයන් 30කට දින පහක කාලයකට චීනයේ ෂැන්හයි බලා යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර පිරිනැමිණි.එම සංචාරයේ සියලු වියදම් සමාගමදරයි. සංචාරයේදී Dongchengකර්මාන්තශාලාව නැරඹීමටද ඔවුන්ට අවස්ථාව ලැබේ.

ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DBL සමාගම ඔවුන්ගේම සහ එක්සත්ජනපදය,චීනය,තායිවානය,ඉන්දියාව,ජර්මනියසහ තවත් බොහෝ රටවලට අයත් සන්නාම යටතේ එන නිෂ්පාදන රැසක් අලෙවි කරයි. පසුගිය කාලයේදී එම සමාගම දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා තිබේ. ගෝලීය සන්නාමයක් වන OREGONපිරිනමනඇගැයීම් සම්මාන, 2024දී චීනයේ පැවැති වෙළෙඳ සහකරු සම්මේලනයේදී දිනූ ආසියා පැසිෆික් කළාපයේ විශිෂ්ටම අලෙවිකරු සම්මානය,ආසියා පැසිෆික් කළාපයේ ඉහළම කාර්ය සාධනයක් සහිත බෙදාහරින්නා වෙනුවෙන් පිරිනමනChampions of All Champions සම්මානය ඔවුන් දිනූ ජාත්‍යන්තර සම්මාන අතරින් කිහිපයකි.සිය නිෂ්පාදන වපසරිය වඩාත් පුළුල් කරමින් ඉදිකිරීම්,වාහන,කෘෂිකාර්මික,කාර්මික, දැව නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍රවල වර්ධනයට දායක වීම DBLසමාගමේ ප්‍රධාන අරමුණ වේ.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...