Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි !

Share post:

විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Air Link Sahasra Holdingsපෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස සම්මාන දිනුවේය.2005දී ඇරැඹුණු Sahasra Holdingsපුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් සපයන විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් සහ විශ්වාසනීය සමාගමකි. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එම සමාගම හරහා විවිධ රටවල රැකියා සහ අධ්‍යාපන අවස්ථා ලබා ඇත. ප්‍රධාන කාර්යාලය මහනුවරත්, අනෙකුත් ශාඛා ගාල්ලේ සහ දෙහිඅත්තකණ්ඩියේත් පිහිටා තිබේ.

Sahasra Holdings ඊශ්‍රායලය, රුමේනියාව, ජෝර්දානය, ග්‍රීසිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ මැදපෙරදිග රටවල රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කරයි. විදේශ අධ්‍යාපනය හා සම්බන්ධ සේවා රැසක්ද එම ආයතනය සපයයි. විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කිරීම, උපදේශනය, වීසා ආශ්‍රිත සේවා ඒ අතරින් කිහිපයකි. එම ආයතනය අන්තර්ජාතික ගුවන් ප්‍රවේශ පත්‍ර සහ Transit සහාය ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ සේවා රැසක්ද සපයයි.රැකියා අවස්ථා සොයන්නන් වෙනුවෙන් හඳුන්වා දී ඇති Sahasra Holdings මාර්ගගත රැකියා ලැයිස්තුවද සුවිශේෂ සේවාවකි. වර්තමානයේදී එහි ප්‍රදර්ශනය කෙරෙන රැකියා සංඛ්‍යාව 7,400කට අධිකය. 400,000කට අධික ලියාපදිංචි පරිශීලක සංඛ්‍යාවකට හිමිකම් කියන එම වේදිකාව දේශීය සහ විදේශීය සේවායෝජකයන් 2,400කට අධික පිරිසක් සමඟ කටයුතු කරයි.Air Link Sahasra Holdings සමාගම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ ලියාපදිංචිය ලබා ඇත. ඔවුන්ගේ සියලු බඳවාගැනීම් සහ අනෙකුත් කටයුතු ජාතික කම්කරු නීති සහ රෙගුලාසිවලට අනුව සිදු කෙරෙන බව ඒ හරහා තහවුරු වේ. 2020දී ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා වන ආයතනයේ (OTIT) ලියාපදිංචිය ලැබීමටද ඔවුන්ට හැකි විය. ඒ හරහා ජපානයේ තාක්ෂණික සීමාවාසික වැඩසටහන්වලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට සහ පුහුණු කිරීමට අවශ්‍ය අනුමැතිය ඔවුන්ට හිමි විය. එම සමාගම මීට පෙරද දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා ඇත. ඒ අතරට විශිෂ්ටතා සම්මාන (2012 සහ 2018) සහ රන් සම්මාන (2022) ඇතුළත් වේ.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...