වැදගත් උපදෙස් අනුගමනය කරන්න : සජිත් ප්ලේටෝ ගිය පාරේ යයි !

Share post:

‘ප්ලේටෝ කියන දාර්ශනිකයා මෙන්න මෙහෙම දෙයක් ලියලා තියෙනවා. ඔබේ කැඩුණු සපත්තුව සාදාගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම සපත්තු සාදන්නා. අසනීප වූ විට බෙහෙත් ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම වෛද්‍යවරයා. එහෙත් සියලු කලාවන් අතරින් උසස් ම කලාව වන පාලන කලාව සඳහා ඔබ තෝරාගන්නේ අදක්ෂ කපටි රැළක්. මිත්‍රවරුනි, ඒ වැදගත් උපදෙස් අනුගමනය කරමින් යෝජනා කරනවා රට ගෙඩනගන දක්ෂ, හපන්කම් තියෙන කණ්ඩායමක් අපි මේ රටට පත්කරගමු කියලා.’

ඊයේ (11) බොරැල්ල, කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ පොදුජන අරගලය සමගි ජන බලවේගය අතට ගනිමින් නුදුරු අනාගතයේදී රට ගොඩනගන විප්ලවය ක්‍රියාත්මක කරන බවයි.

එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මෙසේ ද සඳහන් කළේය.

‘පොදුජන අරගලය නිසා සිරගත වූ විශාල ප්‍රමාණයක් තරණ-තරුණියන් සිටිනවා. අපි ඒ අය වෙනුවෙන් පෙනීසිටිනවා විතරක් නෙමෙයි, ජනතාවගේ දුක් කඳුළු මත, පීඩනය මත නිර්මාණය වූ ඒ මහා ජන අරගලය අතට අරගෙන නුදුරු අනාගතයේදී මේ රට ගොඩගන්න දැවන්ත විප්ලවය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා.

සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයා ලෙස මෙහිදී යළිත් ඒකමතිකව තොරගැනුණු අතර, සමගි ජන බලවේගයේ සභාපති ලෙස සරත් ෆොන්සේකා පත් විය. රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ ලේකම්වරයා ලෙසත්, හර්ෂ ද සිල්වා පක්ෂ භාණ්ඩාගාරික ලෙසත් පත්කෙරිණි. එහි ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක පත්විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...