ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගෙන 22 වැනිදා අළුයම ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පස්සේ අල්-ජසීරා රූපවාහිනය ඉරානයේ ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ ගෝලීය දේශපාලනය පිළිබඳ මහාචාර්යවරයෙක් එක්ක පවත්වපු සාකච්ඡාවකදි මාධ්‍යවේදිනිය අහනවා ඇමරිකන් ප්‍රහාරයෙන් පස්සේ ඉරානයේ ප්‍රතිචාරය මොන වගේ වේවිද කියලා.
ඒකට මහාචාර්යවරයා පිළිතුරු දෙන්නේ, ඉරානයේ පිළිතුර Measured Retaliation එකක් ඒ කියන්නේ බොහොම පරිස්සමෙන් කරන සැලසුම්සහගතව සිදුකරන ප්‍රාමාණික එකක් මිස ඉතා දැඩි ප්‍රහාරයක් නොවේවි කියලා.
ඒ වගේම ඔහු සඳහන් කළා ඇමරිකන් ප්‍රහාරයෙන් පස්සේ ඉරානයේ ප්‍රතිචාර විදිහට ඔහු අනුමාන කරන කරුණු කිහිපයක්. ඉන් එකක් තමයි හොර්මුස් සමූද්‍ර සන්ධිය වසා දැමීම. මේක මේ වෙද්දිත් ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිලා උත්තරීතර ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය එක්ක ක්‍රියාත්මක වෙන්න නියමිත දෙයක්.
දෙවැන්න මැද පෙරදිග ඇමරිකන් හිතවාදී රටවල්වල පිහිටලා තියන ඇමරිකන් කඳවුරු ඉලක්ක කරගෙන සිදුකරන අනතුරු ඇඟවීමේ ප්‍රහාරයක්. අද අළුයම සහ ඊයේ රාත්‍රියේ ඉරානය මේ දෙවැන්නත් සිදුකරනවා. හරියටම 2019දි ඇමරිකාව ඉරානයට එල්ල කරපු ප්‍රහාරයකට පිළිතුරු විදිහට ඉරානයේ ඉරාකයේ පිහිටා ඇති ඇමරිකන් කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරලා, එයින් ඇමරිකන් සෙබලු 200කට අධික පිරිසක් තුවාල ලැබුවා.
ඒ හා සමානවම ඊයේ සහ අද අළුයම ඉරාන විප්ලවීය හමුදා කටාර් රාජ්‍යයේ පිහිටුවා තියන අල් උදෙයිද් ඇමරිකා ගුවන් හමුදා කඳවුරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කලා, ඒ වගේම ඉරාකයේ පිහිටි වික්ටරි බේස් ඇතුළු ඇමරිකන් හමුදා කඳවුරු පහකට ඉරාන මිසයිල ප්‍රහාර එල්ලවෙලා තියනවා.
මේ ප්‍රහාර සම්බන්ධයෙන් අමරිකාව කලින්ම කටාර්, කුවේට්, ඉරාකය වගේ රටවල්වල ඇමරිකන් පුරවැසියන්ට සහ ආරක්ෂක අංශවලට දැනුම්දීලා තිබුණා. ඒ නිසා තමයි මේ ප්‍රහාරය අනතුරු ඇඟවීමේ ප්‍රහාරයක් විදිහට සලකන්න පුළුවන් වෙන්නේ.
මේ අතරෙම අවස්ථා පහකදි ඉරානය විසින් මිසයිල ප්‍රහාර ඊශ්‍රායලයේ නගර ගණනාවක් ඉලක්ක කරගෙන එල්ල කරලා තියනවා. එහිදී බීර්ෂෙබා තාක්ෂණික නගරයට එල්ලවුණු ප්‍රහාරය දැවැන්ත එකක්.
ඊශ්‍රායලය මේ අතරේ දිගින් දිගටම ටෙහෙරාන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. ටෙහෙරාන් නගරයේ අති බහුතරයක් ජනතාව මේ වෙද්දි නගරය අතහැර පලා ගිහින් තියනවා කියලා CNN වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඉරානයේ ප්‍රහාරය දැඩිවීමත් එක්ක ඇමරිකානු ජනාධිපතිවරයා වහාම සටන් විරාමයක් ප්‍රකාශ කරන්න කියලා දෙපාර්ශවයටම දැනුම් දීලා තියනවා. ඒක හරි අපූරු වැඩක්. ඇමරිකාව මේ යුද්ධයට උදව් කිරීම, මැදිහත්වීම, සටන් විරාම ප්‍රකාශයට ලක්කිරීම සිදුකරන්නේ හරියටම නිකන් ලෝකයේ පාලකයා ඇමරිකාව වගේ අදහසක් තියාගෙන කියන එක පැහැදිලියි.
ට්‍රම්ප් පැහැදිලිවම තමන්ගේ මැතිවරණ පොරොන්දු පැත්තකට දාලා, තමන්ගේ පක්ෂයේ මත බෙදීමක් ඇතිවෙද්දි පවා ඉරානයට පහර දෙන්න මැදිහත් වෙන්නේ ඉරානයෙන් ලේසි පහසු ප්‍රතිචාරයක් බලාගෙන නෙවෙයි කියලා කාටවත් කියන්න බෑ. ඇමරිකාව කියන වෙලාවට යුද්ධ පටන්ගන්නත්, ඇමරිකාව කියන වෙලාවට යටත් වෙන්නත්, ඇමරිකාව කියන වෙලාවට යුද්ධ නතර කරන්නත් ඇමරිකාවට තියන වුවමනාවෙන් පෙනෙන්නේ පැහැදිලිවම ඇමරිකාවේ
ඉලක්කය ඉරානයේ බල පෙරලියක් බවයි.
ඇමරිකාවේ සටන් විරාම ‘අණ කිරීමට‘ ප්‍රතිචාර විදිහට ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කලේ තවත් කවුරුන් විසින් හෝ පනවපු යුද්ධයක් හෝ සාමයකට තමන්ගේ එකඟත්වයක් නෑ කියලා, ඒ වගේම අවසන් හුස්ම දක්වාම, අවසන් මොහොත දක්වාම සටන් කිරීම ඉරාන ජනතාවගේ අරමුණයි කියන එක.
කොහොමවුනත් මීට ටිකකට කලින් ඉරාන රජයේ රූපවාහිනිය ඉරානය පැත්තෙන් සටන් විරාමය ආරම්භ කරන බව ප්‍රකාශ කරලා තියනවා. ඊශ්‍රායලය පැත්තෙන් තවමත් මේ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් නිකුත් වෙලා නෑ.
ඉරානයේ මිසයිල ප්‍රහාර නිසා මේ වෙද්දි මැද පෙරදිග ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියනවා. විශේෂයෙන්ම ලෝකයේ වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් ගමන් කරන දෝහා සහ ඩුබායි ගුවන් මාර්ගයේ ගුවන් යානා අවලංගු වීම විශාල ගැටළුවක් බවට පත්වෙලා තියනවා.
කොහොමවුනත් මේ සටන් විරාම යෝජනාව ඉරානය සහ ඊශ්‍රායල් ජනතාවට විතරක් නෙවෙයි අසල්වැසි රටවල් ගණනාවකම මිනිස්සුන්ට අස්වැසිල්ලක් කියන එක සහතිකයි. ඒත් ඉරානය ඉන්නේ තවදුරටත් ට්‍රම්ප්ගේ වචන විශ්වාස නොකරන තැනක නිසා මින් ඉදිරි හෝරා කිහිපය අතිශයින්ම තීරණාත්මකයි.
ජනරංග විජයිඳු දේවසුරේන්ද්‍ර
2025.06.24