බෞද්ධ භික්ෂුණීන්ගේ අරගලය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජයග්‍රහණය කරයි !

Share post:

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණී යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙතෙක් භික්ෂුණීන් වහන්සේලාට නිල නීතිමය පිළිගැනීමක් ලැබී නොතිබුණු අතර, භික්ෂුණීන් වහන්සේලාට එවැනි පිළිගැනීමක් ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් ඉල්ලීම් කරමින් තිබිණි. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු ගාමිණී අමරසේකර එකඟත්වය ලබාදුන් බහුතර තීන්දුවක් ලෙස එම තීන්දුව ලබා දී ඇත. භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත් ලබානොදීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 12 (1) වගන්තිය උල්ලංඝනය කර ඇති බව එහිදී තීන්දු කර තිබේ.

වැලිමඩ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ සහ සියම් නිකායේ රංගිරි දඹුලු‍ පාර්ශ්වයේ මහ නායක හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. මෙහෙණින් වහන්සේ සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ දඹුල්ල රන්ගිරි රජමහා විහාර පාර්ශ්වයේ මහ නායක හිමියන්ගෙන් තහවුරු කිරීමක් ලබානොගෙනම පෙත්සම්කාරියගේ ජාතික හැඳුනුම්පතට භික්ෂුණී යන නාමය ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.

එමෙන්ම මෙය පැහැදිලි ලෙස වෙනස් කොට සැලකීමක් බව විනිසුරු අමරසේකර සිය තීන්දුවේ සඳහන් කර ඇත. ඇය පුරුෂ භික්ෂුවක වූයේ නම් මෙසේ හැඳුනුම්පත ලබාගැනීම අසීරු නොවන බව එම තීන්දුවෙහි සඳහන් කර තිබිණි.

කෙසේවෙතත්, උක්ත බහුතර තීන්දුවට පටහැනි තීන්දුවක් ලබා දෙමින් විනිසුරු මහින්ද සමයවර්ධන පෙත්සම නිෂ්ප්‍රභ කරමින් තීන්දුව ලබා දී තිබේ. ඔහු සිය තීන්දුවේ සඳහන් කළේ අදාළ ආගමික බලධාරීන්ගේ විෂයපථයට අයත් ආගමික කාරණාවලට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වීමෙන් වැළකිය යුතු බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...