මත්පැන් බලපත්‍රධාරීන් සඳහා බදු පිළිබඳ වැඩමුළුවක් සහ සුහද හමුවක් ජුනි 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී !

Share post:

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් ‘බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුවක් සහ සුහද හමුවක් මීගමුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වැඩමුළුව මෙම මස 14 දින පෙරවරු 9.30 සිට පස්වරු 4 දක්වා මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ, සහ නව්‍යකරණ අංශය, සුරාබදු දෙපාර්තමේන්තුව, සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සංවිධානය කර ඇති ඊට එම ආයතන නියෝජනය කරන නිළධාරීන් රැසක් සහභාගී වනු ඇත.

මත්පැන් බලපත්‍රධාරීන්ට බදු ක්‍රම, වර්තමාන රෙගුලාසි, සහ අදාළ නීති ප්‍රතිපාදනවලට අනුව මෙහෙයුම් පවත්වාගෙන යාම පිළිබඳ යාවත්කාලීන කිරීම් සහ මාර්ගෝපදේශ රැසක් ලබා ගත හැකි ආකාරයෙන් එය සැලසුම් කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිළධාරීන් සමඟ සෘජුව සම්බන්ධ වී ගැටලුවලට පිළිතුරු ලබා ගැනීමටත්, ඉදිරියේදී සිදු වීමට නියමිත වෙනස්කම් පිළිබඳව දැනුම්වත් වීමටත් සහභාගී වන්නන්ට අවස්ථාව ලැබෙනු ඇත. වැඩමුළුවට අමතරව එදින විනෝදාත්මක අංග රැසකින් පිරි සුහද හමුවක්ද පැවැත්වීමට නියමිතය. විවෘත සාකච්ඡා තුළින් මත්පැන් බලපත්‍රධාරීන් සහ අදාළ ආයතන අතර ශක්තිමත් සහ සුහදශීලී සම්බන්ධතාවයක් ඇති කිරීම මෙම මුලපිරීමේ ප්‍රධාන අරමුණ බව සංවිධායක මණ්ඩලය සඳහන් කළේය. සහභාගී වීම සහ අනිකුත් පහසුකම් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් සංවිධායක කණ්ඩායමේ සාමාජිකයින් සම්බන්ධ කර ගෙන ආසන වෙන් කර ගත යුතුය.

ධනංජය – 0777444228, තංගවේලු – 0777807883, චතුරංග – 0778411777.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...