සජබෙන් කොළඹට ඉල්ලපු දෙන්නෙක් අයින් කරන්න මැකොගෙන් ඉල්ලලා – මැකො අතිවිශේෂ ගැසට් එකක් ගහයි !

Share post:

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභික නාමලේඛණ ලබන 30 වැනිදාට පෙර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන්නැයි නියම කරමින්, මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරීපත් වූ සහ තෝරා ඒවා ඇති සභිකයින්ගේ නම් ගැසට් පත්‍රයේ පළ කළ යුතුව ඇති බවයි.

මැතිවරණය අවසන් වී දින 21 ක් ගතව ඇතැත් තෝරා එවිය යුතු නියමිත සභික සංඛ්‍යාව මෙතෙක් ලැබී නොමැති බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව එක් එක් පක්ෂය හා කණ්ඩායම් විසින් තෝරා එවිය යුතු ඇති සියලුම සභිකයන්ගේ නම් ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීන් වෙත නම්කර එවිය යුතු බව ගැසට් පත්‍රයේ දැක්වේ. පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වී ප්‍රථිපල නිකුත් කිරීමෙන් පසු ඒ ඒ පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ වූ කාන්තා සභිකයින් ඇතුළුව තෝරා එවිය යුතු සභිකයන් කඩිනමින් දැනුම්දිය යුතුය.

මැතිවරණ කොමිසම පවසන්නේ, ලබන 30 වැනිදා වන විට දෙවැනි නාම ලේඛණ ලබා නොදෙන්නේ නම්, සභිකයන් නම්කිරීමේ වගකීමෙන් කොමිසම ඉවත් වන බවයි. මේ අතර, කොළඹ මහනගර සභාවට සමගි ජනබලවේගය ලබාදුන් සභික නාම යෝජනා දෙකක් සංශෝධනය කිරීමට අවස්ථාව දෙන්නැයි එම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...