පිල්ලෙයාන්ට ඇප දීම පිළිබඳ නීතිපති සහ සීඅයිඩිය මත දෙකක !

Share post:

ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර අර්බුදයක් ඇති වී තිබේ.

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පසුගිය අප්‍රේල් 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. ඉන්පසු ඔහු රඳවාගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී. තමන් අනීතික ලෙස මෙසේ රඳවාගෙන සිටීමට එරෙහිව පිල්ලෙයාන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති රවීන්ද්‍රනාත් ශිවසුබ්‍රමනියම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. 2005 වසරේදී කොළඹ, විද්‍යා මාවතේ පැවැති සම්මන්ත්‍රණයකින් පසු හිටපු උපකුලපතිවරයා මෙසේ පැහැරගෙන ගොස් තිබිණි.

පසුගිය දිනෙක විමර්ශන නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී පිල්ලෙයාන්ට ඇප ලබාදීමට විරුද්ධ නොවිය යුතුය යන්න නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය වී ඇත. ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට පිල්ලෙයාන්ට එරෙහිව ඇති චෝදනා සහ සාක්ෂි පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කිරීමෙන් පසු, ඇප ලබාදීමට විරෝධය දැක්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...