හල්ලොලුව තනිකර නාඩගමක් : වගකිවයුත්තන් ඉදිරි සතියේ අල්ලයි !

Share post:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි තුසිත හල්ලොලුව ගමන් ගත් රථයට වෙඩි තබා එහි තිබූ රහසිගත ලිපිගොනුවක් පැහැරගත් බව කියන සිද්ධිය තනිකරම නාටකයක් බව හෙළිවෙමින් පවතින බවත් ඊට සම්බන්ධ සියලුදෙනා ඉදිරි දින කීපය තුළ දී අත්අඩංගුවට ගන්නා බවත් විමර්ශන නිලධාරීහු පවසති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සැකකාරියක ඇතුළු සැකකරුවන් තිදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩිතබා ලිපිගොනුව පැහැරගත් කුලී වෙඩික්කරුවන් දෙදෙනාට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක් ගෙවා ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.

එම මුදල් ගෙවා ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු බව කියන ‘කෝපිකඩේ අප්පුවා’ගේ පුත්‍රයා විසින් බවත්, එම මුදල් එවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ කුලී වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.

මෙම නාටකය සැලසුම් කළ පුද්ගලයන් සහ ඩුබායි පාතාලයන් අතර පවතින සම්බන්ධතාවද සොයාබලාගෙන යන බව විමර්ශන නිලධාරීහු පවසති.

ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රීසියේ ව්‍යාපාරයක මුදල් ආයෝජන කළ බවට තුසිත හල්ලොලුව විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබිණී. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර හල්ලොලුවගෙන් පැය 07ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම ප්‍රකාශය ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන් හලොලුවට දැනුම් දී තිබිණි. ඊට අවශ්‍ය සාක්ෂි තමන් සතු බවද හල්ලොලුව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබුණු නමුත්, ඔහු ගමන්ගත් මෝටර් රථයට නාරාහේන්පිට දී ප්‍රහාරයක් එල්ල වන්නේ මේ අතරතුරදීය.

හල්ලොලුව එහිදී කියා තිබුණේ තම රථයට වෙඩිතබා නාඳුනන පුද්ගලයන් එහි තිබූ රහසිගත ලිපිගොනුවක් පැහැරගෙන ගිය බවයි. එම ලිපිගොනුවේ තිබී ඇත්තේ ජනාධිපතිවරයා මුදල් ආයෝජනය කළ බවට තිබුණු සාක්ෂි සහිත ලියකියවිලි බවද හලොලුව පොලිසියට ප්‍රකාශ කර තිබිණි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඉන්දික ලොකුහෙට්ටිගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...