ජයිශංකර් දිල්ලියට ඇවිත් ලංකාවේ පිරිස මුණගැසෙයි !

Share post:

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් නවදිල්ලියට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අද (27) හමුවී තිබේ.

ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ හැකියා වර්ධන වැඩසටහනක් සඳහා සහභාගී වූ එම නියෝජිත පිරිස මෙලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා හමුවී ඇත.

අමාත්‍ය ජයශංකර් ‘X’ ගිණුමෙහි තැබූ සටහනක දැක්වෙන්නේ, ත්‍රස්තවාදය හෙළාදැකීම සහ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස කනගාටුව පළකිරීම පිළිබඳව අගය කරන බවයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා සිය කැපවීම නැවත අවධාරණය කළ බවත්, අසල්වැසියන් වශයෙන් ශක්තිමත් මහජන සබඳතා මඟින් පදනම් වූ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔහු තවදුරටත් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ 24 දෙනෙක්ගෙන් යුත් මෙම කණ්ඩායම නවදිල්ලියේ පැවති හැකියා වර්ධන වැඩසටහන සඳහා පසුගිය සතියේ ඉන්දියාව බලා පිටත්ව ගියහ.

නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනකු සහ මහලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 4 දෙනකු ඇතුළත් වේ.

මෙම මස 26 සිට 30 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ව්‍යවස්ථාදායක සභාව සහ අයවැය ක්‍රියාවලීන්, පාර්ලිමේන්තු කමිටු පද්ධතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර පවතින ගැටළු අනෙකුත් කරුණු ඇතුළත් වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...