පාස්කු වාර්තාව අධ්‍යයනයට ශානි පත්කිරීම ගැන නාමල්ගේ කනස්සල්ල – බරපතළ තත්ත්වයක් බවත් කියයි !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද පොලිස් කමිටුවට මධ්‍යම අපරාධ බුද්ධි විශ්ලේෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කනස්සල්ල පළකරයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් වාර්තාව අධ්‍යයනය කරන කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කොට, කමිටුවේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව සිව්දෙනාගේ සිට පස්දෙනා දක්වා වැඩිකළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරන්නේ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරන පොලිස් නිලධාරීන් කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කිරීම බරපතළ අනතුරු ඇඟවීමක් බවයි. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ පවසන්නේ, මුල් විමර්ශනයට සම්බන්ධ වූවා පමණක් නොව, වාර්තාවේ නම් කර ඇති සාක්ෂිකරුවකු ලෙස කැඳවන ලද අයකු වන ශානි අබේසේකර මෙහි අධීක්ෂණ තනතුරකට පත්කිරීම සම්පූර්ණයෙන්ම නුසුදුසු බවයි. මෙය හුදෙක් ක්‍රියාපටිපාටිමය වශයෙන් වැරදි පියවරක් පමණක් නොව, සෑම සදාචාරාත්මක ප්‍රමිතියක්ම උල්ලංඝනය කිරීමක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

‘මෙය සමස්ත ක්‍රියාවලියේම විශ්වසනීයත්වය මත අඳුරු සෙවනැල්ලක් ඇති කරයි. යුක්තිය ඉටුකිරීම පමණක් නොව, එය ඉටුවන බව ද දැකිය යුතුය. මහජන විශ්වාසය දැනටමත් බිfඳන සුළු‍ වන විට, එවැනි තීරණ සැකය සහ කලකිරීම තවත් වැඩි කරයි. මෙම ගැටලු‍ව තවදුරටත් සංකීර්ණ කරන්නේ, ශානි අබේසේකර විසින් මෑතකදී කරන ලද දේශපාලන ප්‍රකාශයන් මගින් ඔහුගේ දේශපාලන පක්ෂග්‍රාහීත්වයන් පැහැදිලිව හෙළිදරව් කිරීමෙනි. මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කරන පුද්ගලයාට පැහැදිලි දේශපාලන පැටළීම් ඇති විට, මෙම ක්‍රියාවලියේ මධ්‍යස්ථභාවය පිළිබඳව මහජනතාව විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ කෙසේද?’ මන්ත්‍රීවරයා සිය සටහනේ එසේ ද සඳහන් කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...