දේශබන්දු ඉවත් කිරීමේ කමිටුව පත්කරයි : ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු සූරසේනත් සාමාජිකයෙක් !

Share post:

පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුවට සාමාජිකයන් පත්කරයි.

2002 ඉහළ රාජ්‍ය නිලධරයන් ඉවත් කිරීමේ පනතට අනුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන මේ කමිටුවට සාමාජිකයන් තිදෙනකු පත් කළ යුතුය. ඒ අතරින් එක් සාමාජිකයකු පත්කළ යුත්තේ අගවිනිසුරුවරයා ය. එම සාමාජිකයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යේෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රීති පද්මන් සූරසේන පත්කර ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මේ කමිටුවට නිල බලයෙන් පත් වී තිබේ.

අගමැති හරිනි අමරසූරියගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ එකඟතාවෙන් කමිටුවට පත් කර ඇත්තේ නීල් ඉද්දවෙල ය. විනිසුරු ඉද්දවෙල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයකු ද වේ.

මේ කමිටුව මගින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කර සකස් කරන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු පාර්ලිමේන්තුවේ බහුතරයෙන් එය සම්මත කිරීමෙන් පසු, පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකිය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...