කැල්ටන් ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි !

Share post:

කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. එහිදී කැල්ටන් සමූහය නියෝජනය කරන මූල්‍ය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහේෂ් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1991දී ඇරැඹුණු කැල්ටන් ස්වීට් හවුස් සමාගම වසර 30ක් පුරා මෙරට, විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ, ආහාර පාන සේවා සැපයුම්කරුවෙකු ලෙස කීර්තිමත් නමක් දිනා ඇත. කැල්ටන් හයිපර් මාර්කට්, කැල්ටන් ඩිස්ට්‍රිබියුටර්ස්, කාන්ති ඩිස්ට්‍රිබියුටර්ස්, කැල්ටන් කේටරින්, C7 by Calton එම සමූහයට අනුබද්ධ අනෙකුත් ආයතන වේ. උසස් තත්ත්වයේ ආහාර පාන නිපදවමින් සහ බෙදා හරිමින් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් සපයන එම ආයතනය යුනිලීවර්, පිරමිඩ් විල්මා, අප්ෆීල්ඩ් වැනි ප්‍රධාන සමාගම් සමඟ හවුල්කාරිත්ව ඇති කර ගෙන ඇත.

කැල්ටන් ස්වීට් හවුස් සමාගම කේක්, බේක් කළ ආහාර, කෙටි ආහාර, අර්ධ වශයෙන් සැකැසූ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන, පිසූ ධාන්‍ය වර්ග සහ ශීත කළ බේකරි ආහාර ඇතුළු පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සැකැසීම සහ බෙදා හැරීම පිළිබඳ විශේෂඥතාවක් දක්වයි. මීගමුව, කටුනායක, කටුනේරිය, දිවුලපිටිය, ජා ඇළ, කොච්චිකඩේ, වන් ගෝල් ෆේස් වෙළෙඳ සංකීර්ණය, කටුනායක ගුවන්තොටුපොළ ඇතුළු ස්ථාන රැසක අලෙවිසැල් 20කට වැඩි සංඛ්‍යාවක් ඇති එම සමාගම ISO 22000, HACCP, GMP, ISO 9001, ISO 14001 ආදී තත්ත්ව සහතික රැසක් දිනා ඇත. දෙස් විදෙස් ආහාර සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්‍රමිතිවලට අනුව ආහාර පාන නිපදවන එම සමාගම ආහාරවල රසය සහ පෝෂණ ගුණය රැකෙන පරිදි ආරක්‍ෂිත ලෙස ඇසුරුම් කිරීමටත්, බෙදා හැරීමටත් වග බලා ගනී. සේවකයන් හතර දෙනෙකුගෙන් 1983දී ඇරැඹුණු කැල්ටන් සමූහ ව්‍යාපාරය වර්තමානයේදී සේවකයන් 300කගෙන් පමණ සමන්විත විශ්වාසනීය සන්නාමයක් වී තිබේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සැපිරීම සිය දැක්ම කර ගත් එම සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය පිරිනමන විශිෂ්ටතා සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...