කැල්ටන් ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි !

Share post:

කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. එහිදී කැල්ටන් සමූහය නියෝජනය කරන මූල්‍ය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහේෂ් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1991දී ඇරැඹුණු කැල්ටන් ස්වීට් හවුස් සමාගම වසර 30ක් පුරා මෙරට, විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ, ආහාර පාන සේවා සැපයුම්කරුවෙකු ලෙස කීර්තිමත් නමක් දිනා ඇත. කැල්ටන් හයිපර් මාර්කට්, කැල්ටන් ඩිස්ට්‍රිබියුටර්ස්, කාන්ති ඩිස්ට්‍රිබියුටර්ස්, කැල්ටන් කේටරින්, C7 by Calton එම සමූහයට අනුබද්ධ අනෙකුත් ආයතන වේ. උසස් තත්ත්වයේ ආහාර පාන නිපදවමින් සහ බෙදා හරිමින් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් සපයන එම ආයතනය යුනිලීවර්, පිරමිඩ් විල්මා, අප්ෆීල්ඩ් වැනි ප්‍රධාන සමාගම් සමඟ හවුල්කාරිත්ව ඇති කර ගෙන ඇත.

කැල්ටන් ස්වීට් හවුස් සමාගම කේක්, බේක් කළ ආහාර, කෙටි ආහාර, අර්ධ වශයෙන් සැකැසූ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන, පිසූ ධාන්‍ය වර්ග සහ ශීත කළ බේකරි ආහාර ඇතුළු පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සැකැසීම සහ බෙදා හැරීම පිළිබඳ විශේෂඥතාවක් දක්වයි. මීගමුව, කටුනායක, කටුනේරිය, දිවුලපිටිය, ජා ඇළ, කොච්චිකඩේ, වන් ගෝල් ෆේස් වෙළෙඳ සංකීර්ණය, කටුනායක ගුවන්තොටුපොළ ඇතුළු ස්ථාන රැසක අලෙවිසැල් 20කට වැඩි සංඛ්‍යාවක් ඇති එම සමාගම ISO 22000, HACCP, GMP, ISO 9001, ISO 14001 ආදී තත්ත්ව සහතික රැසක් දිනා ඇත. දෙස් විදෙස් ආහාර සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්‍රමිතිවලට අනුව ආහාර පාන නිපදවන එම සමාගම ආහාරවල රසය සහ පෝෂණ ගුණය රැකෙන පරිදි ආරක්‍ෂිත ලෙස ඇසුරුම් කිරීමටත්, බෙදා හැරීමටත් වග බලා ගනී. සේවකයන් හතර දෙනෙකුගෙන් 1983දී ඇරැඹුණු කැල්ටන් සමූහ ව්‍යාපාරය වර්තමානයේදී සේවකයන් 300කගෙන් පමණ සමන්විත විශ්වාසනීය සන්නාමයක් වී තිබේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සැපිරීම සිය දැක්ම කර ගත් එම සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය පිරිනමන විශිෂ්ටතා සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...