දළදා දැක්මට VIP පෝළිමක් : එහෙම එකක් නෑ, ඒක අපේ පාරක් – දියවඩන නිලමේ !

Share post:

සිරි දළඳා දැක්මට සහභාගී වන දහස් ගණනක් ජනතාව පිටත සිටියදී, දළඳා දැක්ම ආරම්භ වන මොහොතේදී විශේෂ පෝළිමකින් දිනකට දෙදහසකට වැඩි පිරිසක් දළඳා වන්දනාවට සහභාගී කර ඇත. මෙය වත්මන් රජයේ මැදිහත්වීමෙන් සිදු කරන්නක් නොවන බවත්, වත්මන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර ඇතුළු පිරිසකගේ මැදිහත්වීමෙන් දළඳා මාළිගාවේ පාලනාධිකාරිය විසින් සිදුකරන්නක් බවත් whatnews අනාවරණය කරයි.

එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් මෙසේ වාර්තා කර ඇත.

‘අප්‍රේල් 18 වැනිදා දළඳා වන්දනාව ආරම්භ වූ දිනයේ ජනාධිපතිවරයා දහවල් 12.30ට නිල වශයෙන් දළඳා දැක්ම ආරම්භ කරන අවස්ථාවට සහභාගී වූ අතර, ජනාධිපතිවරයාගේ දැනුවත්වීමකින් තොරව ඒ අතරවාරයේ විශාල පිරිසක් පෝළිම්වලට සකස් කොට ඇත. දහවල් 3.30ට නිල දළඳා දැක්ම ආරම්භ වීමට පෙර ඔවුන්ට දළඳා වන්දනාවට අවස්ථාව ලබා දී ඇත. එදිනෙන් පසු සෑම දිනකම දහවල් 12.30ට නිල දැක්ම ආරම්භ වීමට පෙර පෝලිම් සකසා විශේෂිත පුද්ගලයන්ට දළඳා වන්දනාවට අවස්ථාව ලබා දී තිබේ.

වාර්තාවන ආකාරයට මෙලෙස පැමිණෙන පුද්ගලයන් අතර රාජ්‍ය නිලධාරීන්, හමුදා සහ පොලිස් නිලධාරීන්, දේශපාලනඥයන් සහ වෙනත් බලවත් පුද්ගලයන් සිටී. එවැනි පුද්ගලයන්ගේ ඥාතීන් සහ පවුල්වල සාමාජිකයන්ද සිටී.

මේ පිළිබඳ මහනුවර ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු අප සමඟ මෙසේ කීය. ‘උදෑසන 11.30ට විෂ්ණු දේවාලයේ සිට ඇත්ගාල අසලින් ජාත්‍යන්තර කෞතුකාගාරය අසලින් මගුල් මඩුව අසල පිවිසුම් දොරින් නව බුදුමැදුර අසලට පැමිණෙනවා. එතැනින් ඇතුළු වී දළඳා වන්දනාව සිදු කරනවා. දිනකට දෙදහසක පමණ පිරිසකට මෙලෙස අවස්ථාව ලබා දෙනවා. අප දකින ආකාරයට මේ වෙද්දී මහනුවර දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර සඳහා නිලවරණය වෙනුවෙන් මෙම අවස්ථාව අවභාවිත කිරිමට වත්මන් දියවඩන නිලමේවරයා කටයුතු කරනවා. සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන නිලවරණයට ඡන්දය භාවිත කිරීමට නියමිත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පවුල්වල සාමාජිකයන් රැසක් මේ ක්‍රමයට දළඳා වන්දනා කර තිබෙනවා. පිටතින් එන අයව, එළියේ සිටින ජනතාව ඇතුළට පැමිණෙන මොහොතේ ඒ පෝළිමටම සම්බන්ධ කරනවා. මිනිස්සුන්ගේ පෝළීමට බාධාවක් වූ බවක් නොපෙනෙන විදියට. බොහෝ වෙලාවක් පිටත සිට එක්වර ඇතුළට පැමිණෙන ජනතාව භක්තිය නිසාම මේක අවබෝධ කරගන්නේත් නෑ.‘

වාර්තා වන ආකාරයට දළඳා වන්දනාවට පැමිණෙන බැතිමතුන් පැය 12- 20 අතර කාලසීමාවක් පෝළිමේ සිටී.

දළඳා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර සඳහා මේ වන විට ප්‍රබල පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වීමට නියමිතය. ඒ අතර වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මේ වන විට මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේවර එස්. බණ්ඩාරණායක ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ. මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, කතරගම දේවාලයේ දමින්ද උඩුරාවල ඉදිරිපත් වීමට නියමිතය.

අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප්‍රබල ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙම තත්වය පිළිබඳ වහා සොයාබලන බවත්, විශේෂිත පෝළිම් හෝ විශේෂිත අවස්ථා ලබානොදිය යුතු බව ආණ්ඩුවේ දැඩි විශ්වාසයක් බවත්ය.

  • මූලාශ්‍රය – www.whatnews.lk

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර පවසන්නේ එවැනි කිසිදු පෝලිමක් නැති බවත්, එය කාර්යමණ්ඩලයේ පිරිස් එහෙ මෙහෙ යන මාර්ගය බවත් ය.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...