Doctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි !

Share post:

Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු මෙරට කීර්තිමත් දන්ත වෛද්‍යවරයෙකි.

කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක සේවය කර අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ඔහු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකද සේවය කිරීමෙන් අනතුරුව Doctor J Premium Dental Care ආයතනය ඇරැඹීය. එය නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටා තිබේ. එම ආයතනය නවීන තාක්ෂණය යොදා ගනිමින් Restorative Dentistry, Cosmetic Procedures සහ Implantology වැනි අංශ රැසකට අයත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයයි. American Academy of Implant Dentistry ආයතනය අනුමත කළ රෝස්මන් විශ්ව විද්‍යාලයේ ප්‍රතිස්ථාපන දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ නේවාසික පාඨමාලාවද හදාරා ඇති වෛද්‍ය ජීවන්ත ඔහුගේ හැකියාව උපයෝගී කර ගෙන දන්ත ප්‍රතිස්ථාපන ප්‍රතිකාර පිළිබඳව විශේෂඥතාවක් ලබා තිබේ.

ඔහු International College of Continuing Dental Education (FICCDE) සහ Pierre Fauchard Academy (USA) වැනි ආයතනවල කීර්තිමත් සාමාජිකයෙක් වේ. ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව, All-on-Four සහ Zygomatic Systems වැනි ක්‍රම භාවිතයෙන් කරන Full-Arch ප්‍රතිස්ථාපන ශිල්පීය ක්‍රම සහ ඩිජිටල් 3D ස්කෑන් භාවිතයෙන් සිනහව නිර්මාණය කිරීම වැනි අංශ පිළිබඳව ඔහු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුහුණු වැඩසටහන් සම්පූර්ණ කර ඇත. ආසියා – පැසිෆික් දන්ත වෛද්‍ය සමුළුව වැනි ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගී වී ඇති ඔහු එක්සත් ජනපදයේ Manchester University සහ රුසියාවේ North Western State Medical University වෙතින් පුහුණුව ලබා ඇත. මුඛ අභ්‍යන්තරය ස්කෑන් කිරීමේ සිට සංකීර්ණ දන්ත ප්‍රතිෂ්ඨාපන දක්වා වන සියලු අංශ පිළිබඳව ඔහු පාඨමාලා හදාරා තිබේ. දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති වෛද්‍ය ජීවන්ත මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරයි.

Related articles

වෙනස් වෙන්න : නැත්නම් අපි වෙනස් කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

රාජ්‍ය නිලධාරීන් දුෂණයෙන් තොර නව ප්‍රතිපත්ති සමග එක්ව කටයුතු නොකරන්නේ නම්, ඔවුන්ව වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති...

හැංගිලා හිටියා – අතිරේක සොලිසිටර් ජනරාල් : හැංගිලා හිටියෙ නෑ – දේශබන්දුගේ නීතිඥ !

මාතර වැලිගම වෙඩි තැබීමේ සිදුවීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත...

දේශබන්දුගේ ප්‍රකාශයක් නිසා පොලිසිය පත්තු වෙයි !

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් විසින් කරන ලද ප්‍රකාශයක් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ දැඩි මතබේදයකට...

මීළඟ අගවිනිසුරු පිළිබඳ පාර්ශ්ව දෙකකින් දෙවිදිහක සාකච්ඡා !

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවෙමින් තිබේ. වර්තමාන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ලබන ජූලි මාසය අවසානයේ විශ්‍රාම...