Doctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි !

Share post:

Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු මෙරට කීර්තිමත් දන්ත වෛද්‍යවරයෙකි.

කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක සේවය කර අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ඔහු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකද සේවය කිරීමෙන් අනතුරුව Doctor J Premium Dental Care ආයතනය ඇරැඹීය. එය නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටා තිබේ. එම ආයතනය නවීන තාක්ෂණය යොදා ගනිමින් Restorative Dentistry, Cosmetic Procedures සහ Implantology වැනි අංශ රැසකට අයත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයයි. American Academy of Implant Dentistry ආයතනය අනුමත කළ රෝස්මන් විශ්ව විද්‍යාලයේ ප්‍රතිස්ථාපන දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ නේවාසික පාඨමාලාවද හදාරා ඇති වෛද්‍ය ජීවන්ත ඔහුගේ හැකියාව උපයෝගී කර ගෙන දන්ත ප්‍රතිස්ථාපන ප්‍රතිකාර පිළිබඳව විශේෂඥතාවක් ලබා තිබේ.

ඔහු International College of Continuing Dental Education (FICCDE) සහ Pierre Fauchard Academy (USA) වැනි ආයතනවල කීර්තිමත් සාමාජිකයෙක් වේ. ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව, All-on-Four සහ Zygomatic Systems වැනි ක්‍රම භාවිතයෙන් කරන Full-Arch ප්‍රතිස්ථාපන ශිල්පීය ක්‍රම සහ ඩිජිටල් 3D ස්කෑන් භාවිතයෙන් සිනහව නිර්මාණය කිරීම වැනි අංශ පිළිබඳව ඔහු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුහුණු වැඩසටහන් සම්පූර්ණ කර ඇත. ආසියා – පැසිෆික් දන්ත වෛද්‍ය සමුළුව වැනි ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගී වී ඇති ඔහු එක්සත් ජනපදයේ Manchester University සහ රුසියාවේ North Western State Medical University වෙතින් පුහුණුව ලබා ඇත. මුඛ අභ්‍යන්තරය ස්කෑන් කිරීමේ සිට සංකීර්ණ දන්ත ප්‍රතිෂ්ඨාපන දක්වා වන සියලු අංශ පිළිබඳව ඔහු පාඨමාලා හදාරා තිබේ. දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති වෛද්‍ය ජීවන්ත මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරයි.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...