මාස 18ට සියයට 3ක්වත් හදලා නෑ : බිලියන 10.7ක ජලාශ ව්‍යාපෘතියක් නවතී !

Share post:

රුපියල් බිලියන 10.7ක් වටිනා ව්‍යාපෘතියක් නතර කිරීමට වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයට සිදු වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ අදාළ ව්‍යාපෘතිය මාස 18ක් තුළ සියයට 3ක හෝ ප්‍රගතියක් නොපෙන්වීමයි. ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ආධාර යටතේ වාරිමාර්ග අමාත්‍යංශය සහ චීන සමාගම් දෙකක් මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

අපේක්ෂාව

මහකිතුල සහ මහකිරුල නම් විශාල ජලාශ දෙක ඉදිකිරීමේ මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන ලද්දේ වයඹ පළාතේ ජල අවශ්‍යතා කඩිනමින් සපුරාලීමයි. චීනයේ CAMC Engineering Co. Ltd (CAMCE) සහ Qingdao Municipal Construction Group Company මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම සිදුකරන සමාගම් දෙකයි.

නොවැම්බර් දැනුම් දීම

2021 මාර්තු 31දා ආරම්භ කරන ලද මෙම සම්පූර්ණ ව්‍යාපෘතියේ නම මහවැලි ජාල ආරක්ෂණ ආයෝජන ව්‍යාපෘතියයි. (Mahaweli Water Security Investment Programme) ඒ යටතේ ක්‍රියාත්මක මෙය වයඹ පළාත් ඇළ මාර්ග ව්‍යාපෘතියයි. (North Western Province Canal Project – NWPCP) මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ ගැටළු ඇති බවත්, එම තත්ත්වය මගහරවා නොගන්නේ නම්, මූල්‍ය ආධාර නතර කිරීමට සිදු වන බවත් පසුගිය නොවැම්බර් මාසය මුල දී ආසියානු සංවර්ධන බැංකුව මගින් දැනුම් දී තිබිණි.

මුල්ගල් තැබීම

2020 වසරේ පෙබරවාරි 16දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කෝන්ගහ මංසන්ධියේදී මෙම ජලාශ ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තබන ලද්දේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ විසිනි.

හක්වටුනා ඔය සහ මී ඔය නිම්නය සම්බන්ධ කරගනිමින් ඉදිකිරීමට සැලසුම් කළ මෙම ජලාශ ධාරිතාව ලෙස සඳහන් වූයේ අක්කර අඩි 20,250කි. එමගින් හෙක්ටයාර 13,000ක කුඹුරු වගාකිරීමට සැලසුම් කෙරිණි. එය 2023 වසරේදී අවසන් කිරීමට යෝජිත විය. එවකට වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ ඇතුළු ඇමතිවරු විශාල පිරිසක් ද මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.

Related articles

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...

‘මව්වත් හදවත්’ ඇත්තටම සුවදායී පොතක්

"අපිට වුණු සමහර දේවල් අනුව අපි හිතනවා, මේ දේ නොවුනා නම්, ජීවිතේ මෙහෙම වෙන්න ඉඩ තිබුණා කියලා. අපරාදේ...

දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම…තුනුවිල…නින්නාද…..

හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල" හා "නින්නාද .." යන නිර්මාණාත්මක ප්‍රකාශනයන් හරහා ලාංකික දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිදුවීම්...