රොනාල්ඩෝ හිස් අතින් : මොරොක්කෝව පාපන්දු ඉතිහාසය අලුතින් ලියයි !

Share post:

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව ඊයේ (11) සමත් විය.

ඔවුන් එම අවස්ථාව දිනාගත්තේ අර්ධ අවසන් පූර්ව තරගයේදී සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ ප්‍රබල පෘතුගාලය 1 – 0 ක් ලෙස පරාජයට පත්කරමින් ය. මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට ම මෙවැනි අනපේක්ෂිත ජයග්‍රහණ සහ පරාජයන් රැසක් දැකිය හැකි විය.

සිය ලෝක කුසලාන සිහිනය බොඳ වුණු රොනාල්ඩෝ තරගයේ අවසන් විසිල් හඬ නැගෙනවාත් සමගම හඬමින් පිටියෙන් ඉවත්ව සෘජුව ම ක්‍රීඩා විවේකාගාරය වෙත පියවර මනිනු දක්නට ලැබිණි. අද තරගයේදීත් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කළ රොනාල්ඩෝ 51 වැනි මිනිත්තුවේදී පිටියට පිවිසියද, තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට ඔහුට හැකි වූයේ නැත.

මෙරොක්කෝව පළමු අර්ධයේදී ම ගෝලයක් ලබාගනිමින් තරගයේ පීඩනය පෘතුගාලය වෙත යොමුකිරීමට සමත් විය. නමුත් දෙවැනි අර්ධයේදී ලැබුණු අවස්ථා කිහිපයක්ම අසාර්ථක කරගැනීම හේතුවෙන් පෘතුගාල ක්‍රීඩකයන්ට සිදු වුණේ ලෝක කුසලාන සිහිනය අතහැර යළි සිය රට බලා යෑමටයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...