මෝදිගේ සංචාරයේදී සිදු වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කතාව ඉන්දීය විදේශ ලේකම් කියයි !

392
TOPSHOT - This handout photograph taken and released by the Sri Lankan President's office on April 5, 2025, shows India's Prime Minister Narendra Modi (L) and Sri Lanka's President Anura Kumara Dissanayake after their bilateral meeting at the president's office in Colombo. India secured defence and energy deals with neighbouring Sri Lanka on April 5 during Prime Minister Modi's visit, seen as a move to counter rival China's growing influence in the region. Sri Lankan President Anura Kumara Dissanayake rolled out the red carpet for Modi and conferred on him the country's highest civilian honour for "the deep personal friendship" shown to the smaller neighbour. (Photo by SRI LANKAN PRESIDENT'S OFFICE / AFP) / RESTRICTED TO EDITORIAL USE - MANDATORY CREDIT "AFP PHOTO / Sri Lanka's President Office / HANDOUT / " - NO MARKETING NO ADVERTISING CAMPAIGNS - DISTRIBUTED AS A SERVICE TO CLIENTS

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් බිලියන 1.4 ක පමණ ණය ප්‍රමාණයක ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කර ඇති බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්‍රි පවසයි.

නවදිල්ලියේ පැවති ජනමාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික අනිවාර්ය ගිවිසුම් හුවමාරු කරගනිමින් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් කර ඇති බවයි.

“ශ්‍රී ලංකාව තිරසාර හා දිගුකාලීන ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතේ ස්ථිරව ගමන් කරන බව සහතික කිරීම සඳහා ප්‍රදාන ආධාර – නැඹුරු ප්‍රවේශයක් සමඟ අපි ශ්‍රී ලංකාව සමඟ ආයෝජන මූලික උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටිනවා,” ඔහු පැවැසීය.

කොළඹදී පැවති ජනමාධ්‍ය හමුවකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියාසිටියේ පසුගිය මාස 6 තුළ පමණක් ඉන්දියාව ඩොලර් මිලියන 100කට වැඩි ණය, ප්‍රදාන බවට පත්කර ඇති බව සහ ආපසු ගෙවීමේ පොලී අනුපාත අඩුකිරීමට ඉන්දියාව තීරණය කර ඇති බවයි.

2022 වසරේ ආර්ථික අර්බුදයෙන් පසු ඉන්දියාව, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.5 කට ආසන්න මූල්‍ය ආධාර ලබා දී ඇති බව ද විදේශ ලේකම් පැවැසීය.

ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදී වාණිජ ණයහිමියන් සමඟ ඩොලර් බිලියන 12.5 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කළ අතර, එහිදී පැරණි බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ නොපියවූ විදේශ ණයවල මුළු වටිනාකම 2024 නොවැම්බර් අවසානය වන විට රුපියල් ට්‍රිලියන 10.6 කි.