මාරවිල මහෙස්ත්‍රාත් කොටු කළ වෙස්වලාගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ මෙහෙයුම !

Share post:

ඉතිහාසයේ මුල් වරට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කරයි.

මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ ය.
නීතිඥයකු සහ නඩුවක පාර්ශවකරුවකු ලෙස සැරසුණු අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර  රහසිගතව අධිකරණ කටයුතු නිරීක්ෂණය කර තිබේ.

පසුගිය 02දා මේ විනිසුරුවරුන් දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට හදිසි සංචාරයක් ගොස් ඇත්තේ මහෙස්ත්‍රාත්වරයාට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයක් පරීක්ෂා කිරීමටය.

නඩු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් සහ සාක්ෂි රැස් කිරීමෙන් පසු, දිවා ආහාර විවේකයේදී මහෙස්ත්‍රාත්වරයාගේ කුටියේදී ඔහු හමු වූ විනිසුරුවරු, ඔහුගේ පැහැදිලි කිරීම්වලින් සෑහීමකට පත්වී නැති අතර, ඒ මොහොතේ ම විනිසුරුවරයාගේ වැඩ තහනම් කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...