දේශබන්දු අත්අඩංගුවට ගන්නෙ නෑ කියන්න බෑ – නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

Share post:

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට නොගන්නා බවට එකඟතාවක් ලබාදෙන්නේ නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදී ඇති නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. එම පෙත්සම අද (12) සලකා බැලිණි.
එහිදී නීතිපතිවරයා මේ බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
වැලිගම, පැලෑන වට රවුම ආසන්නයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලය අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයෑම පිළිබඳ මරණ පරීක්ෂණයේ තීන්දුව පසුගිය 27දා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් ලබාදෙන ලදි. එහිදී දේශබනුද් තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරිණි.දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට නොගන්නා බවට එකඟතාවක් ලබාදෙන්නේ නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදී ඇති නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. එම පෙත්සම අද (12) සලකා බැලිණි.
එහිදී නීතිපතිවරයා මේ බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
වැලිගම, පැලෑන වට රවුම ආසන්නයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලය අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයෑම පිළිබඳ මරණ පරීක්ෂණයේ තීන්දුව පසුගිය 27දා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් ලබාදෙන ලදි. එහිදී දේශබනුද් තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරිණි.

එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...