පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට Ceylinco General Insurance සමඟ Dearo Investment එක්වෙයි !

Share post:

Dearo Investment Ltd සිය පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ. මේ හරහා Dearo Investment සමඟ ගනුදෙනු කරන සෑම පාරිභෝගිකයෙකුටම රක්ෂණාවරණයක් ලැබෙනු ඇත. පාරිභෝගිකයන්ගේ යහපත සඳහා Dearo Investment සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ.

ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට Dearo Investment ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිරන්ජන් වර්ණසූරිය සහ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සාමාන්‍යධිකාරී එස්. තිලකේෂ්, සහකාර සාමාන්‍යධිකාරී වී. කේ. ගුණතිලක, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු එන්. ජී. සී. ගුණරත්න, ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක කේෂර හසුන් සහභාගී වූහ.

Dearo Investment පෞද්ගලික හා ව්‍යාපාර මූල්‍ය සේවා, ණය, ආයෝජන අවස්ථා වැනි සේවා රැසක් සපයයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ ආරම්භක අවස්ථාවේ පවතින ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැළැසීම, දැනට පවතින ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යවසායක ණය සැපයීම එම සමාගමේ ප්‍රධාන සේවා අතර වේ. පාරිභෝගිකයන්ට වෙත නව්‍ය සහ කාර්යක්ෂම මූල්‍ය විසඳුම් සැපයීමට ප්‍රමුඛතාව දෙන කාර්ය මණ්ඩලයක් හරහා මෙම සේවා සපයයි.

ශාඛා 30කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන Dearo Investment ඉදිරියේදී තවත් ශාඛා රැසක් විවෘත කිරීමට සැළැසුම් කර ඇත. වර්තමානයේදී එම සමාගම මූල්‍ය සේවා, ව්‍යාපාර සහ නීති සේවා, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන සේවා, තොරතුරු තාක්ෂණ, වාහන, කෘෂිකාර්මික, වැවිලි වැනි ක්ෂේත්‍ර රැසක් පුරා විහිදී යන සේ ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබේ. බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය වසර 15කට අධික අත්දැකීම් සහිත ප්‍රසන්න සංජීව මහතාගේ නායකත්වය යටතේ Dearo Investment මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය නමක් දිනා ඇත. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය, තරිඳු ධනංජය සමරවික්‍රම, නිරන්ජන් වර්ණසූරිය, තිළිණි කල්හාර ඒකනායක සමාගමේ දියුණුවට ප්‍රමුඛ දායකත්වයක් සපයති.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...