පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට Ceylinco General Insurance සමඟ Dearo Investment එක්වෙයි !

Share post:

Dearo Investment Ltd සිය පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ. මේ හරහා Dearo Investment සමඟ ගනුදෙනු කරන සෑම පාරිභෝගිකයෙකුටම රක්ෂණාවරණයක් ලැබෙනු ඇත. පාරිභෝගිකයන්ගේ යහපත සඳහා Dearo Investment සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ.

ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට Dearo Investment ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිරන්ජන් වර්ණසූරිය සහ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සාමාන්‍යධිකාරී එස්. තිලකේෂ්, සහකාර සාමාන්‍යධිකාරී වී. කේ. ගුණතිලක, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු එන්. ජී. සී. ගුණරත්න, ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක කේෂර හසුන් සහභාගී වූහ.

Dearo Investment පෞද්ගලික හා ව්‍යාපාර මූල්‍ය සේවා, ණය, ආයෝජන අවස්ථා වැනි සේවා රැසක් සපයයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ ආරම්භක අවස්ථාවේ පවතින ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැළැසීම, දැනට පවතින ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යවසායක ණය සැපයීම එම සමාගමේ ප්‍රධාන සේවා අතර වේ. පාරිභෝගිකයන්ට වෙත නව්‍ය සහ කාර්යක්ෂම මූල්‍ය විසඳුම් සැපයීමට ප්‍රමුඛතාව දෙන කාර්ය මණ්ඩලයක් හරහා මෙම සේවා සපයයි.

ශාඛා 30කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන Dearo Investment ඉදිරියේදී තවත් ශාඛා රැසක් විවෘත කිරීමට සැළැසුම් කර ඇත. වර්තමානයේදී එම සමාගම මූල්‍ය සේවා, ව්‍යාපාර සහ නීති සේවා, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන සේවා, තොරතුරු තාක්ෂණ, වාහන, කෘෂිකාර්මික, වැවිලි වැනි ක්ෂේත්‍ර රැසක් පුරා විහිදී යන සේ ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබේ. බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය වසර 15කට අධික අත්දැකීම් සහිත ප්‍රසන්න සංජීව මහතාගේ නායකත්වය යටතේ Dearo Investment මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය නමක් දිනා ඇත. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය, තරිඳු ධනංජය සමරවික්‍රම, නිරන්ජන් වර්ණසූරිය, තිළිණි කල්හාර ඒකනායක සමාගමේ දියුණුවට ප්‍රමුඛ දායකත්වයක් සපයති.

Related articles

අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...

මිහිඳු හිමි දෙවැනි පෑතිස් රජුට දුන් සාංචි අනුරුවේ පරීක්ෂණ හමස් පෙට්ටියේ !

ලංකාවේ තිබූ වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බව...

යුද සමයක මානුෂීය නායකත්වය !

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට...

ඇමෙරිකන් අධිරාජ්‍යයේ සංකේතීය අවසානය….

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් අරන් යන්න දෙන්නේ චීන යුවාන්වලට විතරයි කියල ඉරානේ දැන් කියනවා. ඒකට ප්‍රතිපක්ෂව හෝමුස් නිදහස්...