ලොව පිළිගත් ව්‍යාපාර නායකයන් බිහිකිරීමේ අරමුණෙන් IIHS ව්‍යාපාර පාසල ආරම්භ වේ !

Share post:

මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත් කරන ලදී. අනාගත ව්‍යාපාර වෘත්තිකයන් අතර ව්‍යවසායකත්වය, ගෝලීය නිපුණතා ප්‍රවර්ධනය තුළින් ව්‍යාපාර සහ සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ධනාත්මක විප්ලවයක් ඇති කිරීම මෙම මුල පිරීමේ අරමුණයි. ඊට අමතරව, එම ක්ෂේත්‍ර දෙක එකිනෙකට සමීප කිරීමටත්, අත්‍යවශ්‍ය නායකත්ව ගුණාංග සහ මෙහෙයුම් හා උපායමාර්ගික නිපුණතාවලින් උපාධිධාරීන් සන්නද්ධ කිරීමටත් සැළැසුම් කර ඇත. ව්‍යාපාර පාසල සමඟ සම්බන්ධ වන සිසුන්ට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ඉහළ මට්ටමේ පුහුණුවක් සපයයි. ඔවුන් බල ගැන්වීම තුළින් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ නව්‍යතාව වර්ධනය කිරීම IIHS ආයතනයේ අරමුණ වේ.

ව්‍යාපාර පාසල විවෘත කිරීමේ අවස්ථාවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සහ වෘත්තිකයෝ රැසක් සහභාගී වූහ. Swisstek Aluminium සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ආචාර්ය තරිඳු අතපත්තු, කොළඹ විශ්ව විද්‍යාලයේ MBA විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ, IIHS ආයතනයේ උප කුලපති ආචාර්ය රේණුකා ජයතිස්ස, IIHS ආයතනයේ පීඨාධිපති හා සම නිර්මාතෘ වෛද්‍ය නිහාල් ද සිල්වා, චන්දිම සමරසිංහ සහ උපාලි රත්නායක යන මහත්ම මහත්මීහු ඒ අතර වූහ. ඔවුන්ගේ සහභාගිත්වය තුළින් ව්‍යාපාර අධ්‍යාපන ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඒකාබද්ධ කිරීමේ ඇති වැදගත්කම ඉතා හොඳින් පිළිබිඹු විය.

උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරමින් විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේ ගෝලීය රටාවලට ගැළපෙන, තිරසාර වර්ධනය ඇති කළ හැකි ව්‍යාපාර නායකයන් බිහි කිරීමට IIHS ආයතනය කැප වී සිටින බවයි. “ඉදිරිගාමී විෂය මාලා, විශේෂඥයන්ගෙන් සැදුම් ලත් පීඨ සහ ශක්තිමත් කර්මාන්ත සම්බන්ධතා සමඟ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අධ්‍යාපන ක්ෂේත්‍රය නැවත අර්ථ දැක්වීමට IIHS ව්‍යාපාර පාසල සූදානම්. මෙය සෞඛ්‍ය සේවා සහ ව්‍යාපාර යන දෙඅංශයේම අනාගත නායකයන් සඳහා අඩිතාලමක් සකසන මුල පිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ තුළින් නිරන්තරයෙන් වෙනස් වන ලෝකයේ අභියෝගවලට මුහුණ දිය හැකි නව පරම්පරාවේ වෘත්තිකයන් බිහි කිරීමට අපට හැකි වනු ඇති.” එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...