ලොව පිළිගත් ව්‍යාපාර නායකයන් බිහිකිරීමේ අරමුණෙන් IIHS ව්‍යාපාර පාසල ආරම්භ වේ !

Share post:

මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත් කරන ලදී. අනාගත ව්‍යාපාර වෘත්තිකයන් අතර ව්‍යවසායකත්වය, ගෝලීය නිපුණතා ප්‍රවර්ධනය තුළින් ව්‍යාපාර සහ සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ධනාත්මක විප්ලවයක් ඇති කිරීම මෙම මුල පිරීමේ අරමුණයි. ඊට අමතරව, එම ක්ෂේත්‍ර දෙක එකිනෙකට සමීප කිරීමටත්, අත්‍යවශ්‍ය නායකත්ව ගුණාංග සහ මෙහෙයුම් හා උපායමාර්ගික නිපුණතාවලින් උපාධිධාරීන් සන්නද්ධ කිරීමටත් සැළැසුම් කර ඇත. ව්‍යාපාර පාසල සමඟ සම්බන්ධ වන සිසුන්ට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ඉහළ මට්ටමේ පුහුණුවක් සපයයි. ඔවුන් බල ගැන්වීම තුළින් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ නව්‍යතාව වර්ධනය කිරීම IIHS ආයතනයේ අරමුණ වේ.

ව්‍යාපාර පාසල විවෘත කිරීමේ අවස්ථාවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සහ වෘත්තිකයෝ රැසක් සහභාගී වූහ. Swisstek Aluminium සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ආචාර්ය තරිඳු අතපත්තු, කොළඹ විශ්ව විද්‍යාලයේ MBA විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ, IIHS ආයතනයේ උප කුලපති ආචාර්ය රේණුකා ජයතිස්ස, IIHS ආයතනයේ පීඨාධිපති හා සම නිර්මාතෘ වෛද්‍ය නිහාල් ද සිල්වා, චන්දිම සමරසිංහ සහ උපාලි රත්නායක යන මහත්ම මහත්මීහු ඒ අතර වූහ. ඔවුන්ගේ සහභාගිත්වය තුළින් ව්‍යාපාර අධ්‍යාපන ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඒකාබද්ධ කිරීමේ ඇති වැදගත්කම ඉතා හොඳින් පිළිබිඹු විය.

උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරමින් විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේ ගෝලීය රටාවලට ගැළපෙන, තිරසාර වර්ධනය ඇති කළ හැකි ව්‍යාපාර නායකයන් බිහි කිරීමට IIHS ආයතනය කැප වී සිටින බවයි. “ඉදිරිගාමී විෂය මාලා, විශේෂඥයන්ගෙන් සැදුම් ලත් පීඨ සහ ශක්තිමත් කර්මාන්ත සම්බන්ධතා සමඟ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අධ්‍යාපන ක්ෂේත්‍රය නැවත අර්ථ දැක්වීමට IIHS ව්‍යාපාර පාසල සූදානම්. මෙය සෞඛ්‍ය සේවා සහ ව්‍යාපාර යන දෙඅංශයේම අනාගත නායකයන් සඳහා අඩිතාලමක් සකසන මුල පිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ තුළින් නිරන්තරයෙන් වෙනස් වන ලෝකයේ අභියෝගවලට මුහුණ දිය හැකි නව පරම්පරාවේ වෘත්තිකයන් බිහි කිරීමට අපට හැකි වනු ඇති.” එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...