ලෝක සිනමාවේ අසිරිමත් මංගල්‍යය වශයෙන් සැලකෙන එනම්, 97 වැනි ඇකඩමි ( ඔස්කාර් ) සම්මානය උළෙල පෙරේදා දින එනම් , 2025 මාර්තු මස 02 ඉරුදින ඇමෙරිකාවේ ලොස්-ඇන්ජලීස් නුවර ඩොල්බි ශාලාවේ ( Dolby Theatre ) දී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.
එහි සම්මානනීය නාමාවලිය Academy ( Oscar ) Winners – 2025
Best Picture
Anora – WINNER •
The Brutalist
A Complete Unknown
Conclave
Dune : Part Two
Emilia Pérez
I’m Still Here
Nickel Boys
The Substance
Wicked
Best Director
Sean Baker (Anora) – WINNER•
Brady Corbet (The Brutalist)
James Mangold (A Complete Unknown)
Jacques Audiard (Emilia Pérez)
Coralie Fargeat (The Substance)
Actor in a Leading Role
Adrien Brody (The Brutalist) – WINNER•
Timothée Chalamet
(A Complete Unknown)
Colman Domingo (Sing Sing)
Ralph Fiennes (Conclave)
Sebastian Stan (The Apprentice)
Actress in a Leading Role
Cynthia Erivo (Wicked)
Karla Sofía Gascón (Emilia Pérez)
Mikey Madison (Anora) – WINNER•
Demi Moore (The Substance)
Fernanda Torres (I’m Still Here)
Actor in a Supporting Role
Yura Borisov (Anora)
Kieran Culkin (A Real Pain) – WINNER•
Edward Norton (A Complete Unknown)
Guy Pearce (The Brutalist)
Jeremy Strong (The Apprentice)
Actress in a Supporting Role
Monica Barbaro (A Complete Unknown)
Ariana Grande (Wicked)
Felicity Jones (The Brutalist)
Isabella Rossellini (Conclave)
Zoe Saldaña (Emilia Pérez) – WINNER•
Writing (Adapted Screenplay)
A Complete Unknown
Conclave – WINNER•
Emilia Pérez
Nickel Boys
Sing Sing
Writing (Original Screenplay)
Anora – WINNER•
The Brutalist
A Real Pain
September 5
The Substance
Cinematography
The Brutalist – WINNER•
Dune: Part Two
Emilia Pérez
Maria
Nosferatu
Animated Feature Film
Flow – WINNER•
Inside Out 2
Memoir Of A Snail
Wallace & Gromit: Vengeance Most Fowl
The Wild Robot
Music (Original Score)
The Brutalist – WINNER•
Conclave
Emilia Pérez
Wicked
The Wild Robot
Music (Original Song)
El Mal (Emilia Pérez) – WINNER•
The Journey (The Six Triple Eight)
Like A Bird (Sing Sing)
Mi Camino (Emilia Pérez)
Never Too Late
(Elton John: Never Too Late)
Production Design
The Brutalist
Conclave
Dune: Part Two
Nosferatu
Wicked – WINNER•
Film Editing
Anora – WINNER•
The Brutalist
Conclave
Emilia Pérez
Wicked
Documentary Feature Film
Black Box Diaries
No Other Land – WINNER•
Porcelain War
Soundtrack To A Coup D’Etat
Sugarcane
Documentary Short Film
Death By Numbers
I Am Ready, Warden
Incident
Instruments Of A Beating Heart
The Only Girl In The Orchestra – WINNER•
International Feature Film
I’m Still Here (Brazil) – WINNER •
The Girl With The Needle (Denmark)
Emilia Pérez (France)
The Seed Of The Sacred Fig (Germany)
Flow (Latvia)
Makeup and Hairstyling
A Different Man
Emilia Pérez
Nosferatu
The Substance – WINNER•
Wicked
Visual Effects
Alien: Romulus
Better Man
Dune: Part Two – WINNER•
Kingdom Of The Planet Of The Apes
Wicked
Costume Design
A Complete Unknown
Conclave
Gladiator II
Nosferatu
Wicked – WINNER•
Animated Short Film
Beautiful Men
In The Shadow Of The Cypress – WINNER•
Magic Candies
Wander To Wonder
Yuck!
Live-Action Short Film
A Lien
Anuja
I’m Not A Robot – WINNER•
The Last Ranger
The Man Who Could Not Remain Silent
Sound
A Complete Unknown
Dune: Part Two – WINNER•
Emilia Pérez
Wicked
The Wild Robot
විමර්ශනය කෙබදුද ?
97 වැනි ඇකඩමි සම්මාන උළෙල ඉතිහාසයටට එක්වූයේ කලාව – කලාකරුවා හා මනුෂ්‍යත්වයේ මහිමය ලොවට හඬගා කියාපාන ලද ඇකඩමි සම්මාන ඉතිහාසයේ අතිශයින්ම වැදගත් අවස්ථාවක් වශයෙනි. එය ඊයේ එනම්, මාර්තු මස 03 වැනි දින මෙරට වේලාවෙන් පෙ.ව 9.35 පමණ නිමාවට පත්විය.
මෙවර පවත්වන ලද ඇකඩමි සම්මාන උළෙලේ මා දකින සුවිශේෂත්වය වනුයේ එය අතිශයින්ම සාධාරණ තීන්දු-තීරණ , එසේම සංවේදීත්වය හා මනුෂ්‍යත්වය යන කරුණු-කාරණා මතින් පරිපූර්ණ වූවක් ලෙසිනි. එහිලා මා අතිශයින්ම වැදගත් කොට සලකනුයේ පසුගිය මාස කීපය තුළ කැලිෆෝර්නියා ප්‍රාන්තය කේන්ද්‍රගතව සිදුවූ මහා ලැව්ගින් ඛේදවාචකය හමුවේ දිවිහිමියෙන් ක්‍රියාත්මක වූ ලොස් ඇන්ජලීස් නුවර ගිනි-නිවන දෙපාර්තමේන්තුවේ
( Las – Angeles Firbreged Department ) වීරෝදාර ගිනි-නිවන හමුදා කණ්ඩයක් ඇකඩමි වේදිකාවට රැගෙන විත් ඔවුනට
උපහාරය පිරිනැමීමයි. එහිලා සම්මාන සභාවේ සිටි අධ්‍යක්ෂකවරුන් – නළු නිළියන් හා සිනමා ක්ෂේත්‍රයට විවිධාකාරයෙන් සම්භන්ධ වූවන් තම තමන්ගේ අසුන්වලින් නැගිට ගෞරවය දැක්වීම අතිශයින්ම සුවිශේෂී කාරණාවක් වූයේ ය. ඊයේ දින ලෝක ජනමාධ්‍යයේ ප්‍රධාන පුවතක් වූ එය සැබවින්ම මනුෂ්‍යත්වය අගය කරන කොයි – කව්රුත් විසින් අනිවාර්යයෙන්ම පැසසිය යුතු සුවිශේෂී කාරණාවක් වන්නේ ය . එමගින් ඔවුන් කරුණු කාරණා දෙකක් ලෝකය හමුවේ ප්‍රකට කළ බව මට සිතේ. එනම් ඒ හොලිවුඩ් සිනමා ශිල්ප – ශිල්පිනියන් කොතරම් සංවේදී හා මනුෂ්‍යත්වයෙන් පිරි කොටසක් ද යන්නයි. මෙවන් මනුෂ්‍යත්වයට මූලිකත්වය දෙන ලද කිසියම් හෝ සුවිශේෂී අංගයක් මෙරට එතෙක් මෙතෙක් පැවැත්වූ කීසිදු සිනමා සම්මාන උළෙලක සිදුවී ඇත්දැයි කියා කල්පනා කර බලන කල්හි යටකී සුවීශේෂී අංගයේ වූ වටිනාකම මැනවින් ඔබට පසක්වනු ඇත.
2024 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට අතුරෙන් Anora – Conclave හා The Brutalist යන චිත්‍රපට ත්‍රිත්වය ජාත්‍යන්තර ප්‍රේක්ෂක – විචාරකයන්ගේ මහත්වූ කතාබහ ලක්වූ චිත්‍රපට ත්‍රිත්වයක් වූ අතර වැඩිම වශයෙන් සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට ත්‍රිත්වය ද වන්නේ ය . එහිලා Anora චිත්‍රපටය ඉදිරියෙන්ම සිටින සිටින අතර ඊට 77 Cannes International Film Festival – 2025 හිදී වසරේ හොදම චිත්‍රපටයට හිමිවන Palmer d’Or සම්මානය හිමිවිණි.
එමගින් ලොව වඩාත්ම කතාබහට ලක්වූ Anora චිත්‍රපටය ස්ත්‍රී වසඟකාරීත්වයේ හමුවේ යුරෝපීය තාරුණ්‍යය පිළිබඳව ගැඹුරු සිනමා විවරණයක් බව ලොව මුල්පෙලේ විචාර සටහන්වල සම්පිණ්ඩනය වූ අතර එය මගේ පෞද්ගලික කියවීම ද විය. එසේම ලොව තවත් අතිශයින්ම වැදගත් චිත්‍රපට උළෙලක් වන 30th Critics Choice Awards – 2025 හිද වසරේ හොදම චිත්‍රපටය ලෙස සම්මානය හිමිකර ගන්නා ලද්දේ Anora චිත්‍රපටය විය. 97 වැනි ඇකඩමි සම්මාන උළෙලේ දී ද Anora චිත්‍රපටය සම්මාන පහකට නිර්දේශ වී එම සම්මාන පහම ( එනම් Best Picture / Best Director / Actress in Leading Role / Original Screenplay / Film Editing ) දිනාගැනීම සමත්විය. 78 British Academy Film Awards/ BAFTA – 2025 දී වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකර ගත් Conclave – 2024 චිත්‍රපටය මෙවර සම්මාන අටක් සදහා නිර්දේශ වී ඉන් සම්මාන එක් සම්මානයක් ( එනම් Adapted Screenplay ) පමණක් හිමිකර ගැනීමට සමත්විය. The Golden Globes- 2025 සම්මාන උළෙලේ වසරේ හොදම චිත්‍රපටය හිමි සම්මානය හිමිකර ගත් The Brutalist – 2024 චිත්‍රපටය මෙවර සම්මාන දහයක් සදහා නිර්දේශ වී ඉන් සම්මාන තුනක් ( Actor in Leading Role /
Cinematography / Music- Original Score ) පමණක් හිමිකර ගැනීමට සමත්විය. The Brutalist චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක නිරත වන එඩ්‍රිරියන් බ්‍රෝඩි ( Adrien Brody ).2025 වසරේ පැවැත්තවූ 78 British Academy Film Awards / BAFTA / 30th Critics Choice Awards/ 82 th Golden Globes Awards යනාදී ප්‍රධාන සම්මාන උළෙල ත්‍රිත්වයේදී ම වසරේ හොදම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීම ද මෙහිලා වසරේ හොදම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීම ද මා දන්නා තරමින් ලෝක සිනමා සම්මාන ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් හා වාර්තාවක් ද වන්නේ ය. එසේම ඔහු The Pianist – 2002 චිත්‍රපටය වෙනුවෙන් ලද වසරේ හොදම නළුවාට හිමි ඇකඩම් සම්මානනට පසුව මෙවර එම සම්මානය හිමිකරගත් දෙවැනි වතාවට වීම ද තවත් විශේෂත්වයක් වන්නේ ය.
Emilia Pérez – 2024 පසුගිය වසරේ තවත් අවධානයට හා විචාරයට පාත්‍ර වූ ප්‍රංශ සංගීතමය චිත්‍රපටයකි. ඊට ආසන්නතම හේතුව වනුයේ 77th Cannes International Film Festival හි දී ජූරියේ ත්‍යාගය ( Jury Prize ) හා වසරේ හොදම නිළියට හිමි සම්මානය එහි ප්‍රධාන චරිතය රඟපාන සෝයි සැල්ඩන්යා ( Zoe Saldaña ) විසින් හිමිකර ගැනීමයි . මෙවර එම චිත්‍රපටය සම්මාන දොළහක් සදහා නිර්දේශ වී ඉන් සම්මාන දෙකක් ( Actress in a Supporting Role / Music : Original Song ) පමණක් දිනාගැනීමට සමත්විය. මගේ දැනීමේ හැටියට විදෙස් චිත්‍රපටයක් ඇකඩමි සම්මාන උළෙලකදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් සදහා නිර්දේශ වූ විදේශීය චිත්‍රපටය ලෙස Emilia Pérez ඇකඩමි ඉතිහාසයට එක්වනු ඇත.
A Real Pain – 2024 චිත්‍රපටය මෙවර සම්මාන දෙකක් සදහා නිර්දේශ වී ඉන් සම්මානයක් ( Actor in a Supporting Role/ Kieran Culkin ) සම්මානයක් පමණක් ද හිමිකර ගැනීමට සමත්විය.
ඇමෙරිකානු ජාතික විශිෂ්ට ගේදපද රචකයකු හා ගායකයකු වන බොබ් ඩිලන් ගේ ( Bob Dylan ) ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද A Complete Unknown – 2024 ද පසුගිය වසරේ ප්‍රේක්ෂක – විචාරක යන මේ දෙපිරිස අතර කතාබහට ලක්වූ චරිතාපදාන චිත්‍රපටයකි ( A Biopic Movie ). එය මෙවර හයක් සදහා නිර්දේශ වී ඉන් කිසිදු සම්මානයක් හිමිකර ගැනීමට සමත් නොවීය .
Dune – 2 : 2024 පසුගිය වසරේ ඉහළම බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා ( $ M. 724.4 ). තැබූ විද්‍යා ප්‍රබන්ධ ශානරයට අයත් වූ චිත්‍රපටයකි . එය මෙවර පහක් සදහා නිර්දේශ වී ඉන් සම්මාන දෙකක් ( Visual Effects / Sound ) හිමිකර ගැනීමට සමත්විය. පසුගිය වසරේ තවත් ඉහළම බොක්ස් ඔෆීස් වාර්තා ( $ M 729.1 ) තැබූ ෆැන්ටසිමය ශානරයට අයත්වන චිත්‍රපටයකි , Wicked – 2024 . එය මෙවර සම්මාන දහයක් සදහා නිර්දේශ වී ඉන් සම්මාන දෙකක් (Production Design / Costume Design ) පමණක් හිමිකර ගැනීමට සමත්විය. මෙම චිත්‍රපටයේ ඇදුම්-ආයිතම් නිර්මාණය කරන ලද්දේ පොල් ටෂ්වෙල් ( Paul Tazewell ) ය. ඔහු කළු ජාතිකයකු බැවින් මෙම සම්මානය කළු-ජාතිකයකු විසින් ඇකඩමි සම්මාන ඉතිහාසයේ හිමිකර ගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත විය.
The Substance – 2024 චිත්‍රපටය මෙවර සම්මාන හතරක් සදහා නිර්දේශ වී ඉනා එක් සම්මානයක් ( Makeup and Hairstyling ) පමණක් හිමිකර ගැනීමට සමත්විය.
බ්‍රසීලියානු චිත්‍රපටයක් වූ I’m Still Here – 2024 මෙවර සම්මාන දෙකක් සදහා නිර්දේශ වී ඉන් International Feature Film සම්මානය හිමිකර ගැනීම සමත්විය. මෙය බ්‍රසිලියානු සිනමාවේ ( Brazilian Cinama 🇧🇷 ) සුවිශේෂී සංධිස්ථානයක් විය. එනම් මීට පෙර බ්‍රසීලියානු චිත්‍රපට පස්වතාවක් පමණ මෙම සම්මාන සදහා නිර්දේශ වී ඉන් එම සම්මානය හිමිකර ගැනීමට සමත් වූ පළමු අවස්ථාව විය. ( මෙය ශ්‍රීලාංකේය වර්තමාන සිනමාව පැත්තෙන් විමසා බලන කල්හි අපට බොහෝ පාඩම් කියාදෙන කාරණාවක් බව කිවයුතුය. )
මෙවර හොදම වාර්තාමය චිත්‍රපටය ( Documentary Feature Film – 2025 ) ලෙස No Other Land – 2024 චිත්‍රපටය සම්මානය හිමිකර ගැනීමට සමත්වූ අතර මෙය පසුගිය වසරේ පවත්වන ලද 74 Berlin International Film Festival හිදී වසරේ හොදම වාර්තාමය චිත්‍රපටයට හිමි සම්මානය හිමිකර ගැනීම සමත්විය. මෙම වාර්තා චිත්‍රපටයේ සුවිශේෂත්වය වනුයේ ඊශ්‍රායලය හා පලස්තීනය අතර නොනවතින යුද ගැටුමේ කෲරත්වය හා එමගින් සාමාන්‍ය ජනතාවට හා ජනජීවිතයට සිදුවූ ඛේදවාචකය කුමක්ද යන්න නිරාවරණය කිඊම බව කියැවේ. මෙවර හොදම කෙටි චිත්‍රපට ( Documentary Short Film – 2025 ) සදහා වූ සම්මානය The Only Girl In The Orchestra – 2024 කෙටි චිත්‍රපට විසින් හිමිකර ගැනීමට සමත්විය.
වසරේ හොදම ත්‍රිමාන කෙටි චිත්‍රපටයට ( Animated Short Film ) සම්මානය In The Shadow Of The Cypress – 2024 චිත්‍රපටය විසින් හිමිකර ගැනීමට සමත්වූ අතර වසරේ සජීවි ක්‍රියාදාම කෙටි චිත්‍රපටය ( Live-Action Short Film ) සදහා වූ සම්මානය I’m Not A Robot – 2024 විසින් හිමිකර ගැනීමට සමත්විය.
97 වැනි ඇකඩමි සම්මාන උළෙලේ තීන්දු හා තීරණ මගේ කියවීමට අනුව නම් අති විනිවිදභාවයෙන් හා සාධාරණත්වයෙන් යුතුය . ඕනෑම දෙයක වැරදි හා අඩුපාඩු සොයන පිරිසට අනුව මෙවර සම්මාන උළෙලේ ද අඩුපාඩු හා සම්මාන බෙදීයාම පිළිබඳව කප්පරක් විවේචන තිබෙන්නට පුළුවනි. මෙරට ජන කියමනට අනුව වැරදි දකින මිනිහට කොරහෙත් කිඹුල්ලු දකින්නට පුළුවනි. ඒ කොහොම වුවත් වසරේ විශිෂ්ටතම චිත්‍රපට හා සිනමා ශිල්පීන්ට මෙවර ඉහළම සාධාරණය ඉෂ්ට-සිද්ධ වූ අවස්ථාවක් බව විශේෂයෙන් කිවයුතුය.
97 වැනි ඇකඩමි සම්මාන උළෙල මෙවර පවත්වන ලද්දේ එහි ඉතිහාසයේ දෙවැනි ලෝක යුද්ධයෙන් ( WWII : 1938 – 1945 ) පසුව මුහුණදීමට සිදුවූ දැවැන්තම අභියෝගය හමුවේ බව පෙනේ. එනම් ඒ පසුගිය කාලවකවානුව පුරා ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍රගතව සිදුවූ දැවැන්තම ලැවිගිනි ඛේදවාචකයෙන් ( Fair Tragedy ) පසුව ය. මෙම ලැව්ගින් ඛේදවාචකය හමුවේ මුලින්ම ඇකඩමි සංවිධායකයන් විසින් 2025 වසරේ ඇකඩමි සම්මාන උළෙල නොපැවැත්වීම තිරණය කළදු ඇමෙරිකානුවන්ගේ නොපසුබට වීර්යය- උත්සාහය නිසා පසුව එය පැවැත්වීමට තීරණය කරන ලදි. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ අධිෂ්ඨානය හා ඉලක්කය ඉහළින්ම සපුරාගත් අවස්ථාවක් ලෙස 97 වැනි ඇකඩමි සම්මාන උළෙල ඉතිහාසයට එක්වූ බව මෙම ලිපියට තිත තැබීමට පෙර විශේෂයෙන්ම සදහන් කළ යුතුය.
සියලුම සම්මානලාභීන්ට
ශ්‍රීලාංකේය ජනතාවගේ සුබපැතුම් !!