පිස්සු පූසා යනුවෙන් හැඳින්වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තොරතුරු කොමිසමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යවයි !

Share post:

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරයි.

මේ ලිපිය යොමුකිරීමත් සමග තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ පුරප්පාඩු දෙකක් මතු වී තිබේ. මීට පෙර එහි කොමසාරිස් ධුරයක් දැරූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම ද ඉවත් විය.

වර්තමාන කොමිෂන් සභාවේ ධුර කාලය අවසන් වීමට නියමිත ව ඇත්තේ 2026 දෙසැම්බර් මාසයේදී ය. දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් කොමසාරිස් ධුරයේ පුරප්පාඩුව සඳහා නාමයෝජනා කැඳවා තිබෙන බව එම සභා ආරංචි මාර්ග සඳහන් කරයි. සභාපති ධුරයේ පුරප්පාඩුව සඳහා ද ඉදිරියේදී නාමයෝජනා කැඳවීමට නියමිත අතර, එම නාමයෝජනා අතරින් තෝරාගන්නා දෙදෙනාට ජනාධිපතිවරයා විසින් පත්වීම් ලබාදීමට නියමිත ය.
කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් වූ උපාලි අබේරත්න මීට පෙර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද 2015-2019 දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළේය.

ආන්දෝලනාත්මක විනිසුරුවරයකු වූ අබේරත්න, මහෙස්ත්‍රාත් ධුරයේ සිට ම කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බරපතළ ගැටලු තිබේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත නොනිමි අරගලය කෘතියේ දැක්වෙන ආකාරයට ඔහු චූදිත විනිසුරු ලෙනින් රත්නායක වෙනුවෙන් පෙනී සිටි එවකට නීතිපති සරත් එන්. සිල්වාගේ සමීපතමයකු වන අතර, වැඩ තහනමට ලක්වීමෙන් පසු ඔහු ව නැවත සේවයට ගන්නේ ද අගවිනිසුරු ධුරය සමග අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරයට පත්වූ සරත් එන්. සිල්වා ය. එසේ නැවත අධිකරණ සේවයට පැමිණි උපාලි අබේරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස ය, විශ්‍රාම ලබන්නේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...