පිස්සු පූසා යනුවෙන් හැඳින්වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තොරතුරු කොමිසමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යවයි !

Share post:

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරයි.

මේ ලිපිය යොමුකිරීමත් සමග තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ පුරප්පාඩු දෙකක් මතු වී තිබේ. මීට පෙර එහි කොමසාරිස් ධුරයක් දැරූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම ද ඉවත් විය.

වර්තමාන කොමිෂන් සභාවේ ධුර කාලය අවසන් වීමට නියමිත ව ඇත්තේ 2026 දෙසැම්බර් මාසයේදී ය. දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් කොමසාරිස් ධුරයේ පුරප්පාඩුව සඳහා නාමයෝජනා කැඳවා තිබෙන බව එම සභා ආරංචි මාර්ග සඳහන් කරයි. සභාපති ධුරයේ පුරප්පාඩුව සඳහා ද ඉදිරියේදී නාමයෝජනා කැඳවීමට නියමිත අතර, එම නාමයෝජනා අතරින් තෝරාගන්නා දෙදෙනාට ජනාධිපතිවරයා විසින් පත්වීම් ලබාදීමට නියමිත ය.
කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් වූ උපාලි අබේරත්න මීට පෙර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද 2015-2019 දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළේය.

ආන්දෝලනාත්මක විනිසුරුවරයකු වූ අබේරත්න, මහෙස්ත්‍රාත් ධුරයේ සිට ම කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බරපතළ ගැටලු තිබේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත නොනිමි අරගලය කෘතියේ දැක්වෙන ආකාරයට ඔහු චූදිත විනිසුරු ලෙනින් රත්නායක වෙනුවෙන් පෙනී සිටි එවකට නීතිපති සරත් එන්. සිල්වාගේ සමීපතමයකු වන අතර, වැඩ තහනමට ලක්වීමෙන් පසු ඔහු ව නැවත සේවයට ගන්නේ ද අගවිනිසුරු ධුරය සමග අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරයට පත්වූ සරත් එන්. සිල්වා ය. එසේ නැවත අධිකරණ සේවයට පැමිණි උපාලි අබේරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස ය, විශ්‍රාම ලබන්නේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...