මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම : දේශබන්දු ඇන්ස්ලම් ඇතුළු අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් !

Share post:

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රාජකාරි කිරීම අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම, පැලෑන වට රවුමේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලය ඉදිරිපට සිදු වූ වෙඩි තැබීමට අදාළ ව මේ නියෝගය නිකුත් කර ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් 6314/23 අංකය යටතේ විභාග වන නඩුවට අදාළ ව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලම් සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනකුට එරෙහිව මේ නියෝගය නිකුත් කර ඇත.

වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීමේ සිදුවීමේදී එක් පොලිස් නිලධාරියකු මියගියේය.
මේ ප්‍රහාරය සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැලිගමට ගොස් තිබූ අතර, ඒ පිටුපස වෙනත් ගනුදෙනුවක් තිබී ඇතැයි ද මේ වන විට අනාවරණය වී තිබේ. මෙසේ කොළඹින් ගිය පිරිසට වැලිගම පොලිසියේ නිලධාරීන් කරන ලද වෙඩිතැබීමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයකු මියගොස් තිබිණි.
කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත්‍රයාට ඩබ්ලිව් 15 හෝටල් සමූහය අයත් වේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...