මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම : දේශබන්දු ඇන්ස්ලම් ඇතුළු අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් !

Share post:

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රාජකාරි කිරීම අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම, පැලෑන වට රවුමේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලය ඉදිරිපට සිදු වූ වෙඩි තැබීමට අදාළ ව මේ නියෝගය නිකුත් කර ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් 6314/23 අංකය යටතේ විභාග වන නඩුවට අදාළ ව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලම් සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනකුට එරෙහිව මේ නියෝගය නිකුත් කර ඇත.

වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීමේ සිදුවීමේදී එක් පොලිස් නිලධාරියකු මියගියේය.
මේ ප්‍රහාරය සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැලිගමට ගොස් තිබූ අතර, ඒ පිටුපස වෙනත් ගනුදෙනුවක් තිබී ඇතැයි ද මේ වන විට අනාවරණය වී තිබේ. මෙසේ කොළඹින් ගිය පිරිසට වැලිගම පොලිසියේ නිලධාරීන් කරන ලද වෙඩිතැබීමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයකු මියගොස් තිබිණි.
කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත්‍රයාට ඩබ්ලිව් 15 හෝටල් සමූහය අයත් වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...