ගනේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණ තීන්දුව මෙන්න : මල්ලි කොළඹ ගෙනාපු බවක් මම දැනගෙන හිටියෙ නෑ – සංජීවගේ අක්කා

Share post:

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස හැඳින්වෙන ගණේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණ කටයුතු අද (28) අවසන් කෙරිණි.

එහිදී අනාවරණය වූයේ සංජීවගේ මරණය වෙඩිතැබීම නිසා පපුවට, උදරයට සහ ඔළුවේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදු වු බහුවිධ තුවාල හේතුවෙන් සිදු ව තිබෙන බවයි. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි අද මේ තීන්දුව ප්‍රකාශයට පත්කළාය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය පැවසුවේ මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා තමන් මෙම තීරණයට එළැඹුණු බවයි.

මෙහිදී මරණ සහතිකය ද නිකුත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, මරණ පරීක්ෂණයේ අවසාන සාක්ෂිකාරිය ලෙස සංජීවගේ සහෝදරිය අද සාක්ෂි ලබාදුන්නාය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සහෝදරිය මෙසේ කීවාය.

‘සංජීව මගේ මල්ලි. මේ සිද්ධියට පෙර ඔහු හිටියේ බූස්ස බන්ධනාගාරයේ. සතියට දෙවතාවක් මම මල්ලි බලන්න බන්ධනාගාරයට යනවා. ඔහුට තිබෙන නඩු ගැන මට දැනීමක් නැහැ.

පසුගිය 19 වැනිදා ඔහුව නඩුවක් සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බව මා දැන සිටියේ නෑ. එදා පෙරවරු 10.30 – 11.00 විතර මට කෝල් එකක් ආවා. මල්ලිට වෙඩි තියලා කියලා කිව්වා. ඒ එක්කම මම ලෝයර් ලක්ෂ්මන් පෙරේරාට කතා කළා. එයා කිව්වා වෙඩි තිබ්බා කියලා ආරංචියි කියලා. පසුව උසාවියේදී වෙඩි වැදුණු බව මම දැනගත්තා.

පසුගිය 20 වැනිදා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වුණා. එහිදී මියගිය තැනැත්තා සංජීව කුමාර සමරත්න කියලා මම හඳුනාගත්තා. පසුව කෙසෙල්වත්ත පොලීසියට ප්‍රකාශයක් ලබාදුන්නා. පසුව මමයි අම්මයි මෘත දේහය බාරගත්තා.’

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණයට පත් වූ සංජීව කුමාර සමරත්නට වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අවශ්‍ය බව පෙන්වා දුන්හ.

විශේෂයෙන්ම ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම වැදගත් බවත් එම නීතිඥවරු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ඉදිරිපත් වූ සියලු‍ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මරණයට අදාළ හේතුව දැක්වෙන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවාය.

නඩුව යළිත් මාර්තු 07 වනදා කැඳවීමට ද මෙහිදී නියෝග කෙරිණි.
පසුගිය 19 වැනිදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්ති කූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය සිදු විය.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...