ජේ.ආර්. – ප්‍රේමදාස – මහින්ද පාතාලෙ එක්ක කරපු වැඩ වටගල හෙළිකරයි !

Share post:

හිටපු ජනාධිපතිවරුන් විවිධ අපරාධ සිදුකිරීම සඳහා පාතාල සාමාජිකයන් යොදාගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පාර්ලිමේන්තුවට පැවසීය.

‘දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෝනවල සුනිල් යොදාගෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ නිවසට ගල් ගැසුවා. දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට පාතාල පුද්ගලයන් යොදාගත්තා. රිචඩ් ද සොයිසා පිළිබඳ රාණි චිත්‍රපටය අද තිරගත වෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කියන්න කැමතියි මේ චිත්‍රපටය රහසිගතව නරඹා ඔහුගේ පියා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ඔහු කළේ කුමක්දැයි සොයාබලන්න කියලා’ යැයි නියෝජ්‍ය ඇමැති වටගල පැවසීය.

‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාතාල සාමාජිකයන් වන ජුලම්පිටියේ අමරේ සහ වම්බොට්ටා සමඟ සම්බන්ධ ගනුදෙනු කළා. ජුලම්පිටියේ අමරේ එක කාලයක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළා’ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...