හමුදාව යොදවා ගෝඨා හෝටලයක් හදන්නට ගිය ඥානා අක්කාට රජයෙන් රුපියල් ලක්ෂ 280ක වන්දියක් !

Share post:

අනුරාධපුරයේ දේවාලයක් පවත්වාගෙන ගිය කුප්‍රකට කාන්තාවක් වන ඥානා අක්කා නමැත්තියට ඇයගේ දේවාලය විනාශ වීම හේතුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 280ක වන්දියක් ගෙවා ඇති බව අනාවරණය වෙයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය. 2022 මැයි 09 වැනිදාගෙන් පසු සිදු වූ නිවාස ගිනිතැබීමේ සිදුවීම් වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 11,250ක් වන්දි ගෙවා ඇත. නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ වන්දි ගෙවා ඇත්තේ දේශපාලනඥයන්ට ගෙවූ වන්දි මුදල්වලට අමතරව බවයි.

දේශපාලනඥයන් සඳහා මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 12,210ක වන්දි මුදලක් ගෙවූ බව මීට පෙර අනාවරණය විය.

ඥානා අක්කා නමැති කාන්තාවගේ දේවාලයේ අලු‍ත්වැඩියා කටයුතු සඳහා යුද හමුදාව යෙදවීම දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර, මාධ්‍ය මගින් ඒ බව අනාවරණය කිරීමෙන් පසු එම හමුදා සාමාජිකයන් ඉවත් කෙරිණි. එය සිදු වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ය.

අනුරාධපුරයේ මේ කාන්තාවට අයත් දේවාලය පිහිටා ඇත. එම භූමියේ යුද හමුදාවේ ඉංජිනේරු බලකාය යොදවා ආවරණ සහිතව ඉදිකිරීම් රැසක් සිදුකරන ලදි. ඒ භූමියේ හෝටලයක් ඉදිකිරීම සඳහා හමුදාවේ සාමාජිකයන් විශාල පිරිසක් යෙදවා තිබිණි.

2020 ජනවාරි 02 වැනිදා මේ සම්බන්ධයෙන් අප එවකට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ එවැන්නක් නොදන්නා බවයි. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධානියා ලෙස කලක් සේවය කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් සඳහන් කළේ කිසිදු හේතුවක් මත මෙසේ පෞද්ගලික ඉදිකිරීම් සඳහා හමුදාව යෙදවිය නොහැකි බවයි. ඔහු ද ගෝඨාභය රාජපක්ෂ සමීපතමයකු ලෙස ප්‍රකට අයෙකි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...