හමුදාව යොදවා ගෝඨා හෝටලයක් හදන්නට ගිය ඥානා අක්කාට රජයෙන් රුපියල් ලක්ෂ 280ක වන්දියක් !

Share post:

අනුරාධපුරයේ දේවාලයක් පවත්වාගෙන ගිය කුප්‍රකට කාන්තාවක් වන ඥානා අක්කා නමැත්තියට ඇයගේ දේවාලය විනාශ වීම හේතුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 280ක වන්දියක් ගෙවා ඇති බව අනාවරණය වෙයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය. 2022 මැයි 09 වැනිදාගෙන් පසු සිදු වූ නිවාස ගිනිතැබීමේ සිදුවීම් වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 11,250ක් වන්දි ගෙවා ඇත. නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ වන්දි ගෙවා ඇත්තේ දේශපාලනඥයන්ට ගෙවූ වන්දි මුදල්වලට අමතරව බවයි.

දේශපාලනඥයන් සඳහා මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 12,210ක වන්දි මුදලක් ගෙවූ බව මීට පෙර අනාවරණය විය.

ඥානා අක්කා නමැති කාන්තාවගේ දේවාලයේ අලු‍ත්වැඩියා කටයුතු සඳහා යුද හමුදාව යෙදවීම දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර, මාධ්‍ය මගින් ඒ බව අනාවරණය කිරීමෙන් පසු එම හමුදා සාමාජිකයන් ඉවත් කෙරිණි. එය සිදු වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ය.

අනුරාධපුරයේ මේ කාන්තාවට අයත් දේවාලය පිහිටා ඇත. එම භූමියේ යුද හමුදාවේ ඉංජිනේරු බලකාය යොදවා ආවරණ සහිතව ඉදිකිරීම් රැසක් සිදුකරන ලදි. ඒ භූමියේ හෝටලයක් ඉදිකිරීම සඳහා හමුදාවේ සාමාජිකයන් විශාල පිරිසක් යෙදවා තිබිණි.

2020 ජනවාරි 02 වැනිදා මේ සම්බන්ධයෙන් අප එවකට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ එවැන්නක් නොදන්නා බවයි. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධානියා ලෙස කලක් සේවය කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් සඳහන් කළේ කිසිදු හේතුවක් මත මෙසේ පෞද්ගලික ඉදිකිරීම් සඳහා හමුදාව යෙදවිය නොහැකි බවයි. ඔහු ද ගෝඨාභය රාජපක්ෂ සමීපතමයකු ලෙස ප්‍රකට අයෙකි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...