මාස 21කදී රුපියල් බිලියන 965ක රාජ්‍ය ආදායමක් රටට අහිමි කළ බදු සහනවලින් ජනතාවට සිදු වුණේ කුමක්ද?

Share post:

රජයේ සමාජ හා ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ලබා දී ඇති නිදහස් කිරීම්, දීමනා සහ බදු අනුපාත සහන හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගිය මාස 21ක කාලය තුළ බදු ආදායමින් රුපියල් බිලියන 965.6ක් අතහැර දමා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ බදු වියදම් ප්‍රකාශය මගින් පෙන්නුම් කරන පරිදි, එම බදු ආදායම් අතහැර දැමීම් 2023 මාර්තු සහ 2024 දෙසැම්බර් අතර මාස 21 තුළ සිදුව තිබේ. රේගු ආනයන බදු ආකාරයෙන් අත්හැර දැමූ ඉහළම බදු ලෙස රුපියල් බිලියන 375.1 ක් 2024 දී පෙන්නුම් කර ඇති අතර, ආයෝජන මණ්ඩලයේ ව්‍යාපාර සඳහා ලබා දී ඇති රේගු ආනයන බදු නිදහස් කිරීම් රුපියල් බිලියන 92.7 කි.

අනතුරුව 2024දී එකතු කළ අගය මත බද්ද (වැට්) ආකාරයෙන් අත්හැර දමා ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 333.1කි. ආයෝජන මණ්ඩලයේ සමාගම් සඳහා වැට් බද්ද අහිමි වී ඇති අගය රුපියල් බිලියන 32.5 කි. ආයෝජන මණ්ඩලයේ සමාගම් අතරින් නිෂ්පාදන අංශය සහ සේවා සහ උපයෝගිතා අංශය වැඩි වශයෙන් වැට් බදු දිරිගැන්වීම්වලින් ප්‍රතිලාභ ලබා ඇත.

මූල්‍ය සේවා මත වැට් බද්ද සඳහා වන වගකීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය අංශය මෙහිදී නොසැලකේ.

2024 මාර්තු මස අවසන් වූ 2023/24 මූල්‍ය වර්ෂය සඳහා අත්හැර ඇති ආයතනික ආදායම් බද්ද වාර්තා වන්නේ රුපියල් බිලියන 243.2 ක් ලෙසයි.

කෙසේවෙතත්, මුදල් අමාත්‍යාංශය පැවසුවේ, 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු නිදහස් කිරීම්වලින් අති බහුතරයක් ඉවත් කිරීම ඇතුළු මෑත කාලීන බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සමඟ, 2023/24 සහ ඉන් ඉදිරියට ඇස්තමේන්තු කර ඇති බදු අතහැර දැමීම් සැළකිය යුතු ලෙස පහත හෙළීමට අපේක්ෂා කරන බවයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...