මාස 21කදී රුපියල් බිලියන 965ක රාජ්‍ය ආදායමක් රටට අහිමි කළ බදු සහනවලින් ජනතාවට සිදු වුණේ කුමක්ද?

Share post:

රජයේ සමාජ හා ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ලබා දී ඇති නිදහස් කිරීම්, දීමනා සහ බදු අනුපාත සහන හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගිය මාස 21ක කාලය තුළ බදු ආදායමින් රුපියල් බිලියන 965.6ක් අතහැර දමා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ බදු වියදම් ප්‍රකාශය මගින් පෙන්නුම් කරන පරිදි, එම බදු ආදායම් අතහැර දැමීම් 2023 මාර්තු සහ 2024 දෙසැම්බර් අතර මාස 21 තුළ සිදුව තිබේ. රේගු ආනයන බදු ආකාරයෙන් අත්හැර දැමූ ඉහළම බදු ලෙස රුපියල් බිලියන 375.1 ක් 2024 දී පෙන්නුම් කර ඇති අතර, ආයෝජන මණ්ඩලයේ ව්‍යාපාර සඳහා ලබා දී ඇති රේගු ආනයන බදු නිදහස් කිරීම් රුපියල් බිලියන 92.7 කි.

අනතුරුව 2024දී එකතු කළ අගය මත බද්ද (වැට්) ආකාරයෙන් අත්හැර දමා ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 333.1කි. ආයෝජන මණ්ඩලයේ සමාගම් සඳහා වැට් බද්ද අහිමි වී ඇති අගය රුපියල් බිලියන 32.5 කි. ආයෝජන මණ්ඩලයේ සමාගම් අතරින් නිෂ්පාදන අංශය සහ සේවා සහ උපයෝගිතා අංශය වැඩි වශයෙන් වැට් බදු දිරිගැන්වීම්වලින් ප්‍රතිලාභ ලබා ඇත.

මූල්‍ය සේවා මත වැට් බද්ද සඳහා වන වගකීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය අංශය මෙහිදී නොසැලකේ.

2024 මාර්තු මස අවසන් වූ 2023/24 මූල්‍ය වර්ෂය සඳහා අත්හැර ඇති ආයතනික ආදායම් බද්ද වාර්තා වන්නේ රුපියල් බිලියන 243.2 ක් ලෙසයි.

කෙසේවෙතත්, මුදල් අමාත්‍යාංශය පැවසුවේ, 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු නිදහස් කිරීම්වලින් අති බහුතරයක් ඉවත් කිරීම ඇතුළු මෑත කාලීන බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සමඟ, 2023/24 සහ ඉන් ඉදිරියට ඇස්තමේන්තු කර ඇති බදු අතහැර දැමීම් සැළකිය යුතු ලෙස පහත හෙළීමට අපේක්ෂා කරන බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...