Yakaduru Yala Booking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි !

Share post:

යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබීමට සමත් විය.

2022 සිට මේ දක්වා රටවල් රැසක 30,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් පිළිගත් මෙම කඳවුරු භූමිය ගැමි හේන් වගා බිම් මධ්‍යයේ නිමවා තිබේ. යකැදුරු තිරසාර සංවර්ධනය සහ තිරසාර සංචාරක කර්මාන්තය සිය තේමාව කර ගනිමින් පවත්වා ගෙන යයි. සම්පූර්ණයෙන්ම සූර්ය බල විදුලියෙන් කටයුතු කරන යකැදුරු වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමෙන් නැවත වන වගා කිරීමේ කර්තව්‍යයෙහිද නියැලී සිටී. අමුත්තන් වෙනුවෙන් සුව පහසු නවාතැන් සැපැයීම වෙනුවෙන් හිතකර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට සැකැසූ මැටි බිත්ති සහ තල් කොළ වහල ආකර්ෂණීය බවකින්ද යුක්ත වේ.

Booking.com වෙබ් අඩවිය හරහා පහසුවෙන් නවාතැන් හා සෆාරි වෙන් කරවා ගැනීමට අවස්ථාව සළසා තිබේ. පළපුරුදු හා දක්ෂ සෆාරි රියැදුරන්ගේ සහ පරිසරවේදීන්ගේ මඟ පෙන්වීමෙන් වන සතුන් සහ ස්වාභාවික පරිසරය පිළිබඳව ඉහළ දැනුමක් හා අත්දැකීමක් ලැබීමට සංචාරකයන්ට අවස්ථාව ලැබේ. පාරම්පරික හේන් වගා නැරඹීටත්, ලඳු කැළෑ අතර ඇවිදිමින් තොරතුරු ගවේෂණයටත්, මුහුදු වෙරළෙහි කාලය ගත කිරීමටත් යකැදුරු අවස්ථාව සළසා දෙයි. ඓතිහාසික වටිනාකමින් යුත් පෞරාණික ස්ථාන කරා රැගෙන යාම තවත් හරවත් අත්දැකීමකි.

යකැදුරු රාත්‍රී කාලයේදී විඳිය හැකි සිසිලස සහ සාමකාමි බව තවත් රසවත් කරන්නේ අපූර්ව දේශීය ආහාර සහ සාම්ප්‍රදායික නාටක, නර්තන යනාදියෙහි සුසංයෝගයක් සමඟිනි. ප්‍රාදේශීය ප්‍රජාව සමඟ අ‌න්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කරමින් තිරසාර සංචාරක කර්මාන්තයක් පවත්වා ගෙන යාමත්, ස්වාභාවික පරිසරය සුරකිමින් දේශීය අනන්‍යතාව හා සාම්ප්‍රදායිකත්වය එක් කළ සත්කාරයක් පිරිනැමීමත් යකැදුරු කදවුරෙහි සාර්ථකත්වයට හේතු වී ඇත. ශ්‍රී ලාංකේය පොහොසත් ස්වයංපෝෂිත ලකුණු, සාම්ප්‍රදායිකත්වය සහ ස්වභාව සෞන්දර්යය වික්‍රමාන්විතව මුසු කර අමුත්තන්ට රසවත් අත්දැකීම් සමුදායක් සැපැයීමට යකැදුරු නිරන්තරයෙන් කටයුතු කරයි.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...