Yakaduru Yala Booking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි !

Share post:

යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබීමට සමත් විය.

2022 සිට මේ දක්වා රටවල් රැසක 30,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් පිළිගත් මෙම කඳවුරු භූමිය ගැමි හේන් වගා බිම් මධ්‍යයේ නිමවා තිබේ. යකැදුරු තිරසාර සංවර්ධනය සහ තිරසාර සංචාරක කර්මාන්තය සිය තේමාව කර ගනිමින් පවත්වා ගෙන යයි. සම්පූර්ණයෙන්ම සූර්ය බල විදුලියෙන් කටයුතු කරන යකැදුරු වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමෙන් නැවත වන වගා කිරීමේ කර්තව්‍යයෙහිද නියැලී සිටී. අමුත්තන් වෙනුවෙන් සුව පහසු නවාතැන් සැපැයීම වෙනුවෙන් හිතකර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට සැකැසූ මැටි බිත්ති සහ තල් කොළ වහල ආකර්ෂණීය බවකින්ද යුක්ත වේ.

Booking.com වෙබ් අඩවිය හරහා පහසුවෙන් නවාතැන් හා සෆාරි වෙන් කරවා ගැනීමට අවස්ථාව සළසා තිබේ. පළපුරුදු හා දක්ෂ සෆාරි රියැදුරන්ගේ සහ පරිසරවේදීන්ගේ මඟ පෙන්වීමෙන් වන සතුන් සහ ස්වාභාවික පරිසරය පිළිබඳව ඉහළ දැනුමක් හා අත්දැකීමක් ලැබීමට සංචාරකයන්ට අවස්ථාව ලැබේ. පාරම්පරික හේන් වගා නැරඹීටත්, ලඳු කැළෑ අතර ඇවිදිමින් තොරතුරු ගවේෂණයටත්, මුහුදු වෙරළෙහි කාලය ගත කිරීමටත් යකැදුරු අවස්ථාව සළසා දෙයි. ඓතිහාසික වටිනාකමින් යුත් පෞරාණික ස්ථාන කරා රැගෙන යාම තවත් හරවත් අත්දැකීමකි.

යකැදුරු රාත්‍රී කාලයේදී විඳිය හැකි සිසිලස සහ සාමකාමි බව තවත් රසවත් කරන්නේ අපූර්ව දේශීය ආහාර සහ සාම්ප්‍රදායික නාටක, නර්තන යනාදියෙහි සුසංයෝගයක් සමඟිනි. ප්‍රාදේශීය ප්‍රජාව සමඟ අ‌න්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කරමින් තිරසාර සංචාරක කර්මාන්තයක් පවත්වා ගෙන යාමත්, ස්වාභාවික පරිසරය සුරකිමින් දේශීය අනන්‍යතාව හා සාම්ප්‍රදායිකත්වය එක් කළ සත්කාරයක් පිරිනැමීමත් යකැදුරු කදවුරෙහි සාර්ථකත්වයට හේතු වී ඇත. ශ්‍රී ලාංකේය පොහොසත් ස්වයංපෝෂිත ලකුණු, සාම්ප්‍රදායිකත්වය සහ ස්වභාව සෞන්දර්යය වික්‍රමාන්විතව මුසු කර අමුත්තන්ට රසවත් අත්දැකීම් සමුදායක් සැපැයීමට යකැදුරු නිරන්තරයෙන් කටයුතු කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...