ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම ලෙස සම්මාන දිනයි !

Share post:

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී තත්ත්ව පාලනය පිළිබඳ රන් සම්මානයකුත්, 2024 නොවැම්බර් මස පැවැත්වුණු තත්ත්ව පාලනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නව්‍යකරණය සඳහා ජාත්‍යන්තර රන් සම්මානයකුත් දිනා ගත්තේය.

2022 සැප්තැම්බර් මස ආරම්භ වූ ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම 2023 නොවැම්බර් මස අංක 273, පුත්තලම පාර, කුරුණෑගල යන ස්ථානයේ දැවැන්ත ශාඛාවක්ද විවෘත කර තිබේ. ෆ්‍රැන්චයිස් පදනම මත දිවයින පුරා තවත් එවැනි අලෙවිසැල් රැසක් පිහිටුවීමට ඔවුන් සැළැසුම් කර ඇත. Injection, Blow සහ Parison ඇතුළු ප්ලාස්ටික් නිෂ්පාදන යන්ත්‍ර මාදිලි රැසක් එම සමාගමට අයත් ආටිගල පානළුව පිහිටි කර්මාන්තශාලාවේ ක්‍රියාත්මක වේ. ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම සිය පාරිභෝගිකයන්ට ආකර්ෂණීය වර්ණ රැසකින් යුතු උසස් තත්ත්වයේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන රැසක් සපයයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...