ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම ලෙස සම්මාන දිනයි !

Share post:

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී තත්ත්ව පාලනය පිළිබඳ රන් සම්මානයකුත්, 2024 නොවැම්බර් මස පැවැත්වුණු තත්ත්ව පාලනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නව්‍යකරණය සඳහා ජාත්‍යන්තර රන් සම්මානයකුත් දිනා ගත්තේය.

2022 සැප්තැම්බර් මස ආරම්භ වූ ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම 2023 නොවැම්බර් මස අංක 273, පුත්තලම පාර, කුරුණෑගල යන ස්ථානයේ දැවැන්ත ශාඛාවක්ද විවෘත කර තිබේ. ෆ්‍රැන්චයිස් පදනම මත දිවයින පුරා තවත් එවැනි අලෙවිසැල් රැසක් පිහිටුවීමට ඔවුන් සැළැසුම් කර ඇත. Injection, Blow සහ Parison ඇතුළු ප්ලාස්ටික් නිෂ්පාදන යන්ත්‍ර මාදිලි රැසක් එම සමාගමට අයත් ආටිගල පානළුව පිහිටි කර්මාන්තශාලාවේ ක්‍රියාත්මක වේ. ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම සිය පාරිභෝගිකයන්ට ආකර්ෂණීය වර්ණ රැසකින් යුතු උසස් තත්ත්වයේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන රැසක් සපයයි.

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...