Vegolicious අධි ප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි !

Share post:

ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

පෝෂණය, රසය සහ තිරසාරත්වය ප්‍රමුඛ කර සළකන එම සමාගම සමබර පෝෂණයක් ගෙනෙන රසයෙන් සහ ගුණයෙන් සපිරි විකල්ප ආහාර නිපදවයි. බහු ධාන්‍ය නූඩ්ල්ස් සාමාන්‍ය නූඩ්ල්ස් වෙනුවට පරිභෝජනය කළ හැකි ප්‍රෝටීන් සහ තන්තු බහුල ආදේශකයකි. පුළුල් අධ්‍යයන හරහා තෝරා ගත් මාෂ බෝග, රනිල බෝග, ධාන්‍ය වර්ග යොදා පිළියෙළ කර ඇති මෙම නූඩ්ල්ස් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 17.8ක් සහ තන්තු ග්‍රෑම් 5ක් අඩංගු වේ. මෙම නූඩ්ල්ස් පරිභෝජනයෙන් අත්‍යවශ්‍ය පෝෂණ අවශ්‍යතා සපුරා ගත හැකිය. ක්‍රියාශීලී ජීවන රටාවක් සහිත සෞඛ්‍යවත් ආහාර වේලක් අවශ්‍ය ඕනෑම අයෙකුට මෙම නූඩ්ල්ස් ඉතා සුදුසු වේ.

බහු ධාන්‍ය චොක්ලට් චිප් කුකීස් කොකෝවා, චොක්ලට් චිප්ස් සහ ප්‍රෝටීන් අතිරේක යොදා ගෙන නිපදවා තිබේ. ඉදුණු කෙසෙල්, ඕට්ස්, පැළෑටි පදනම් කර ගත් ප්‍රෝටීන් යොදා සකසා ඇති බහු ධාන්‍ය බනානා ඕට්ස් කුකීස් සීනි රහිත සහ පෝෂණීය අතිරේක ආහාරයකි. ස්වාභාවික පැණි රසයෙන් යුතු අතිරේක ආහාර ප්‍රිය කරන අයට බහු ධාන්‍ය රට ඉඳි කුකීස් හඳුන්වා දී ඇත. තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, ප්‍රති ඔක්සිකාරකවලින් අනූන මෙම නිෂ්පාදන සෞඛ්‍යමය වාසි රැසක් ගෙන දෙයි.

සිය නිෂ්පාදන පෙළ නිරන්තරයෙන් පුළුල් කරන Vegolicious සමාගම ඉදිරියේදී Vegolicious පැස්ටා, Vegolicious පපඩම්, Vegolicious බහු ධාන්‍ය කජු සහ රටකජු කුකීස් වැනි නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට නියමිතය. දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් නිෂ්පාදනවල තත්ත්වය සහ සුරක්ෂිත බව සහතික කරන එම සමාගමේ දැක්ම රසයට හානියක් නොවන පරිදි නිෂ්පාදනය කළ සෞඛ්‍යවත් ආහාර වෙළෙඳපොළට නිකුත් කිරීමයි. අත්දැකීම් බහුල ආහාර විද්‍යාඥයන් සහ පර්යේෂකයන් මෙම ආහාර නිපදවා ඇත.

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...