ලසන්ත ඝාතන නඩුව පිළිබඳ ලිපිය ආපසු කැඳවූයේ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාරයක් !

Share post:

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ නඩුවකට අදාළ ව පුද්ගලයන් තිදෙනකු නිදහස් කරමින් යොමු කළ ලිපිය යළි කැඳවූ බවට පළවන වාර්තා අසත්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නව විමර්ශන කරුණු ඇත්නම් ඒ බව වාර්තා කරන ලෙස පොලීසියට දැනුම් දුන් බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ පසුගිය සිකුරාදා වනතුරු එවැනි නව විමර්ශන සම්බන්ධයෙන් කිසිදු ගොනුවක් සිය දෙපාර්තමේන්තුවට ලැබී නොතිබූ බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම නිදහස් කිරීම් නව සාක්ෂි හෙළිදරව්වීම මත අපරාධ චෝදනා ගොනුකිරීම සලකා බැලීමට බාධාවක් නොවන බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඇන්ජලෝ වැන්හොෆ්ගේ අත්සනින් මේ නිවේදනය නිකුත් කර තිබිණි.
ප්‍රේම් ආනන්ද උදලාගම නම් සැකකරු නීතිපතිවරයා විසින් නිදහස් කිරීමට නිර්දේශ කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංගගේ රියැදුරු පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළවයි.

ඔහු හඳුනාගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ නෛතික දුර්වලතා හේතුවෙන් අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා නිදහස් කිරීමට තීරණය කළ බව නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

එම නිවේදනයේ වැඩිදුටරත් දක්වා තිබුණේ වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ වැදගත් තොරතුරු රැසක් සඳහන් සටහන් පොත අස්ථානගත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොන් තිස්සසිරි සුගතපාල හා සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන දෙදෙනා ද චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මත නිදහස් කිරීමට තීරණය කළ බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...