ලසන්ත ඝාතන නඩුව පිළිබඳ ලිපිය ආපසු කැඳවූයේ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාරයක් !

Share post:

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ නඩුවකට අදාළ ව පුද්ගලයන් තිදෙනකු නිදහස් කරමින් යොමු කළ ලිපිය යළි කැඳවූ බවට පළවන වාර්තා අසත්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නව විමර්ශන කරුණු ඇත්නම් ඒ බව වාර්තා කරන ලෙස පොලීසියට දැනුම් දුන් බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ පසුගිය සිකුරාදා වනතුරු එවැනි නව විමර්ශන සම්බන්ධයෙන් කිසිදු ගොනුවක් සිය දෙපාර්තමේන්තුවට ලැබී නොතිබූ බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම නිදහස් කිරීම් නව සාක්ෂි හෙළිදරව්වීම මත අපරාධ චෝදනා ගොනුකිරීම සලකා බැලීමට බාධාවක් නොවන බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඇන්ජලෝ වැන්හොෆ්ගේ අත්සනින් මේ නිවේදනය නිකුත් කර තිබිණි.
ප්‍රේම් ආනන්ද උදලාගම නම් සැකකරු නීතිපතිවරයා විසින් නිදහස් කිරීමට නිර්දේශ කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංගගේ රියැදුරු පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළවයි.

ඔහු හඳුනාගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ නෛතික දුර්වලතා හේතුවෙන් අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා නිදහස් කිරීමට තීරණය කළ බව නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

එම නිවේදනයේ වැඩිදුටරත් දක්වා තිබුණේ වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ වැදගත් තොරතුරු රැසක් සඳහන් සටහන් පොත අස්ථානගත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොන් තිස්සසිරි සුගතපාල හා සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන දෙදෙනා ද චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මත නිදහස් කිරීමට තීරණය කළ බවයි.

Related articles

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යතාර්ථවාදී ද?

මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය...

Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි !

පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි....

2026 අයවැය : ආණ්ඩුව ලණුවක් කාලා –  ගොවීන්ට උගුලක් අටවලා : චින්තක රාජපක්ෂ, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

2026 අයවැය ගොවි ජනතාවට ඇටවූ උගුලක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි. කොළඹ අද (11) පැවති මාධ්‍ය...

රුසියානු සාහිත්‍ය ගැන කෙටි විපරමක්

අපරාධය සහ දඬුවම.. ඇනා කැරනිනා.. කරමාසොව් සහෝදරයෝ.. ඩොක්ටර් ශිවාගෝ.. පීටර්ස්බර්ග්.. අම්මා… මේ විදිහට නම් සිය ගණනක් අපිට මතක්වෙනවා...