ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමේ ලිපිය : පාර රාජ්‍යයේ කොන්ත්‍රාත් ඉටුකරන නීතිපති තවදුරටත් තබාගැනීමට හේතු මොනවාද ?

Share post:

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුට අදාළ ව තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බවත්, ඔවුන් නිදහස් කළ හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දෙයි.

පසුගිය ජනවාරි 27දා නීතිපතිවරයාගේ අත්සනින් යොමු කළ ලිපියක මේ බව සඳහන් වේ. මේ ලිපියේ ඇතුළත් කරුණු අදාළ නඩුව විභාග වන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර, අධිකරණය මගින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ලිපිය ලැබී දින 14ක් තුළ තමන්ට දැනුම් දෙන ලෙස ද එම ලිපියේ දැක්වේ.
මෙසේ නිදහස් කළ හැකි බවට නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් ය.

යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු වූ ප්‍රේම් ආනන්ද උදලාගම 2016 ජූලි 07 වැනි දින ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා වීරසිංහ ඉදිරියේදී ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා විසින් හඳූනාගැනිණි. වික්‍රමතුංග ඝාතනයෙන් පසු නිහඬ ව සිටින ලෙස තරුජනය කිරීමට තමන් ව පැහැරගෙන යන ලද්දේ උදලාගම විසින් බවට එම රියදුරා අධිකරණයේදී පැවසීය.

හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල යනු එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ය. ඝාතනයෙන් පසු ලසන්ත වික්‍රමතුංගගේ වැදගත් සටහන් රැසක් සහිත සටහන් පොත ඔහු බාරයට ගෙන තිබිණි.

නිදහස් කළ හැකි බව දැනුම් දී ඇති අනෙක් චූදිතයා වන්නේ එවකට ගල්කිස්ස ප්‍රදේශය බාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ය. ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙන්නේ ඔහුට ය. කෙසේ වෙතත් පසුව එම සටහන් පොතේ ඡායා පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයාගැනිණි. එම සටහන් අතර අවස්ථා රැසකදී තමන් ලුහුබැඳ පැමිණි යතුරු පැදිවල අංක ද වූ බව එම දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කර තිබේ.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...