නැවත කැඳවූ අගවිනිසුරු ලැයිස්තුවේ නැති අගවිනිසුරු වෙනුවට : හිටපු අගවිනිසුරු ජයසූරිය නිව්යෝර්ක් යවයි !

Share post:

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තනතුරට හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය පත්කිරීමට නියමිත ය.

මේ තනතුර මීට පෙර දරන ලද්දේ හිටපු අගවිනිසුරුවරයකු වූ මොහාන් පීරිස් ය. ඔහු පසුගිය නොවැම්බර් මාසයේදී ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් නැවත කැඳවන ලදි.

ආණ්ඩුව විසින් පත්කරනු ලබන නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කඩිනමින් වැඩ බාරගැනීමට නියමිත අතර, ඒ යටතේ ඕස්ටේ්‍රලියාවේ මහ කොමසාරිස් ධුරයට යශෝජා ගුණසේකර පත්කිරීමට නියමිත ය. එම ධුරය මීට පෙර දරන ලද්දේ මහේෂිනී කොලොන්නේ විසිනි.

ඉන්දියාවේ නව මහ කොමසාරිස් ධුරයට දැනට සේවයේ නිරත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පත්කිරීමට නියමිත අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස නව පත්වීම් ලැබීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ ද ඒ අතර වේ. අදාළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විශ්‍රාමලත් ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ද රාජ්‍ය තාන්ත්‍රික පත්වීමක් ලැබීමට නියමිත බවයි.

නව ආණ්ඩුව පත්වීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික සේවයට දේශපාලන හිතවත්කම් මත පත්කර තිබූ විශාල පිරිසක් නැවත කැඳවූ අතර, ඒ අතරින් පත්වීම් රැසක් තවමත් පිරවීමට කටයුතු කර නැත.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...