නැවත කැඳවූ අගවිනිසුරු ලැයිස්තුවේ නැති අගවිනිසුරු වෙනුවට : හිටපු අගවිනිසුරු ජයසූරිය නිව්යෝර්ක් යවයි !

Share post:

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තනතුරට හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය පත්කිරීමට නියමිත ය.

මේ තනතුර මීට පෙර දරන ලද්දේ හිටපු අගවිනිසුරුවරයකු වූ මොහාන් පීරිස් ය. ඔහු පසුගිය නොවැම්බර් මාසයේදී ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් නැවත කැඳවන ලදි.

ආණ්ඩුව විසින් පත්කරනු ලබන නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කඩිනමින් වැඩ බාරගැනීමට නියමිත අතර, ඒ යටතේ ඕස්ටේ්‍රලියාවේ මහ කොමසාරිස් ධුරයට යශෝජා ගුණසේකර පත්කිරීමට නියමිත ය. එම ධුරය මීට පෙර දරන ලද්දේ මහේෂිනී කොලොන්නේ විසිනි.

ඉන්දියාවේ නව මහ කොමසාරිස් ධුරයට දැනට සේවයේ නිරත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පත්කිරීමට නියමිත අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස නව පත්වීම් ලැබීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ ද ඒ අතර වේ. අදාළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විශ්‍රාමලත් ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ද රාජ්‍ය තාන්ත්‍රික පත්වීමක් ලැබීමට නියමිත බවයි.

නව ආණ්ඩුව පත්වීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික සේවයට දේශපාලන හිතවත්කම් මත පත්කර තිබූ විශාල පිරිසක් නැවත කැඳවූ අතර, ඒ අතරින් පත්වීම් රැසක් තවමත් පිරවීමට කටයුතු කර නැත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...