අභියාචනාධිකරණයේ සභාපතිගේ ගැලවී යෑම : ආණ්ඩුව මේ කළු පැල්ලමෙන් ගැලවිය යුතු ම ය !

Share post:

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් බරපතළ චෝදනා රැසක් එල්ල කර ඇති අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්නට පූර්ව විශ්‍රාම නිවාඩු ලබා පහසුවෙන් ගැලවී යෑමට ඉඩදීම කිසිසේත්ම යුක්තිගරුක නොවේ.

අධිකරණ තීන්දුවේ සඳහන් කරුණු පිළිබඳ විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු අතර, ඔහු කවුද යන්න පිළිබඳවත්, නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට යටත් ව, ඔහුට එරෙහි චෝදනා ඔප්පු වන්නේ නම්, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔහුට එරෙහිව ගත හැකි උපරිම පියවර ගැනීම අධිකරණය පිළිබඳව වන ජනතා විශ්වාසයට ද තීරණාත්මක ලෙස බලපෑම් කරන්නේය.

සමස්ත අධිකරණ පද්ධතියේ ඇති නඩු ගොඩගැසීමේ ගැටලුව බරපතළ ව ඇති ආයතනයක් වන අභියාචනාධිකරණයේ, එක් පුද්ගලයකුගේ සහ ක්‍රියාන්විතයක කළු-සුදු ආශාවක් වෙනුවෙන් ලබන ජුනි මාසය දක්වා පුරප්පාඩුවක් තැබීමට ඉඩ දීම අධිකරණයෙන් යුක්තිය අපේක්ෂා කරන පුරවැසියන් හෑල්ලුවට ලක්කිරීමකි.

එම නිසා,

ෂේප් න්‍යායෙන් බැහැර ව, ආන්දෝලනාත්මක විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමකි.

එවැනි තීරණයක්, දෝෂාභියෝගයක් අධිකරණයේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් වන බවට සහ එවැන්නක් නොකිරීමෙන් අධිකරණයේ ක්‍රියාකාරිත්වයට සිදු වන බලපෑම යන සංවාද දෙකෙන්, වඩා බර තැබිය යුත්තේ දෙවැන්නට බව පෞද්ගලික ව මගේ විශ්වාසයයි.

එසේ නොවුණහොත්,

නීතියට ඉහළින් අයෙක් හෝ කණ්ඩායමක් තැබීමට කටයුතු කිරීමේ කළු පැල්ලම ජාතික ජන බලවේග ආණ්ඩුවට ඉතුරු වනු ඇත.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...