අභියාචනාධිකරණයේ සභාපතිගේ ගැලවී යෑම : ආණ්ඩුව මේ කළු පැල්ලමෙන් ගැලවිය යුතු ම ය !

Share post:

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් බරපතළ චෝදනා රැසක් එල්ල කර ඇති අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්නට පූර්ව විශ්‍රාම නිවාඩු ලබා පහසුවෙන් ගැලවී යෑමට ඉඩදීම කිසිසේත්ම යුක්තිගරුක නොවේ.

අධිකරණ තීන්දුවේ සඳහන් කරුණු පිළිබඳ විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු අතර, ඔහු කවුද යන්න පිළිබඳවත්, නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට යටත් ව, ඔහුට එරෙහි චෝදනා ඔප්පු වන්නේ නම්, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔහුට එරෙහිව ගත හැකි උපරිම පියවර ගැනීම අධිකරණය පිළිබඳව වන ජනතා විශ්වාසයට ද තීරණාත්මක ලෙස බලපෑම් කරන්නේය.

සමස්ත අධිකරණ පද්ධතියේ ඇති නඩු ගොඩගැසීමේ ගැටලුව බරපතළ ව ඇති ආයතනයක් වන අභියාචනාධිකරණයේ, එක් පුද්ගලයකුගේ සහ ක්‍රියාන්විතයක කළු-සුදු ආශාවක් වෙනුවෙන් ලබන ජුනි මාසය දක්වා පුරප්පාඩුවක් තැබීමට ඉඩ දීම අධිකරණයෙන් යුක්තිය අපේක්ෂා කරන පුරවැසියන් හෑල්ලුවට ලක්කිරීමකි.

එම නිසා,

ෂේප් න්‍යායෙන් බැහැර ව, ආන්දෝලනාත්මක විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමකි.

එවැනි තීරණයක්, දෝෂාභියෝගයක් අධිකරණයේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් වන බවට සහ එවැන්නක් නොකිරීමෙන් අධිකරණයේ ක්‍රියාකාරිත්වයට සිදු වන බලපෑම යන සංවාද දෙකෙන්, වඩා බර තැබිය යුත්තේ දෙවැන්නට බව පෞද්ගලික ව මගේ විශ්වාසයයි.

එසේ නොවුණහොත්,

නීතියට ඉහළින් අයෙක් හෝ කණ්ඩායමක් තැබීමට කටයුතු කිරීමේ කළු පැල්ලම ජාතික ජන බලවේග ආණ්ඩුවට ඉතුරු වනු ඇත.

Related articles

“අපි හැමෝම තේ කොළ වගේ ඈන්මරී. උණුවතුරෙ පැහෙනකං තේ කොළ දන්නේ නෑ තමන්ට තියෙන හැකියාව.”

උක්ත උපුටනය විරාජිනී තෙන්නකෝන් නම් ලියන්නිය විසින් වැවූ කැමෙලියා දල්ලකින් කඩා ගත්තකි. උණූවතුරේ පැසෙන්නා වූ තේ කොළ මේ...

“ඔව්, මං සරාගිකයි. රාගික සිතුවිලි වැඩියි.” ‘ප්‍රේමයේ මහඇදුරු’ පටන් ගන්නෙ එහෙම

"මනෝවිද්‍යාත්මකව ගැහැනිය ඒක පුරුෂ නැහැ. බහු පුරුෂයි. පිරිමියා ඒක භාර්යා නැහැ. බහු භාර්යායි. කිසිම පිරිමියෙක් කවමදාක්වත් එක ගැහැනියකගෙන්...

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...