මිහිරි බැඳීම සමගින් ඉදිරියට ඇදෙන Ammonite (2020)

Share post:

ජීවත්වීම නිසාම අපි තුල ඇතිවන ආතතිය,වෙහෙසකාරී බව,සැක සංකා පලවා හැරීමට අපි සියල්ලන්ටම කුමන ආකාරයේ හෝ ඔසු උවමනා වෙනව. ලෙංගතු සබඳතාවක් කියන්නෙත් එවැනි ඔසුවක්. ඇතැම්විට, මොනතරම් සොඳුරු ආශාවන් අපිටත් නොදැනීම අප සිත්හි උපදිනවාද? ඒ ආශාවන්ට පුළුවන් අපිව මෙහෙයවන්න.

මේරි තරුණ විය ඉක්මවමින් සිටි ගැහැණියක්. සුන්දර මුහුදුබඩ පරිසරයක, කුඩා නිවසක ඇය ජීවත්වුනේ තමන්ගෙ වියපත් මව සමගින්. නිතරම වෙරළ තීරයේ එහෙ මෙහෙ ඇවිද්ද මේරි වෙරළ තීරයෙන් හමුවන විචිත්‍ර පාෂාණ, පොසිල වැනි දේවල් එක් රැස් කරා.සාගරයේ සැඟව ඇති පරිණාමයේ ඉපැරණි සළකුණු ඇගේ ජීවිතේ හුදකලාව මකා දමන්න ඇති. මේ ගැහැණිය තමන්ගෙ හැඟීම් පිටතට නොපෙන්වූ, නිහඬ හුදකලා දිවිපෙවෙතක් ගෙවූ අයෙක්.
පුරාවිද්‍යාඥයෙක් වුන රොඩ්රික් සහ ඔහුගේ තරුණ බිරිඳ චාලට්, මේරිව මුණගැහෙන්න එන්නෙ ඔය අතරවාරයෙ. නොබෝ දිනකින්ම මේරිට දැනගන්න ලැබෙනව චාලට්ගෙ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවන වග. අතිශය නැවුම් මුහුදු සුළඟ තමාගේ බිරිඳ සුවපත් කරනු ඇතැයි විශ්වාස කරන රොඩ්‍රික්, මේරිගේ නවාතැනේ ටික දිනක් ගත කරන්නැයි චාලට් හට පවසමින් ඇගෙන් සමුගන්නවා.

කර්කශ ජීවිතේකට හුරු වුන මේරි නම් වූ ගැහැණියගේත්, බැඳීමක උණුසුම නොමැතිකමින් තෝන්තුවාවෙන් කාලය ගෙවා දැමූ චාලට් ගේ ත් ඒ හමුවීම එතැන් පටන් දිනෙන් දින වර්ධනය වෙනවා. ඔවුන්ගේ ඒ මිහිරි බැඳීම සමගින් Ammonite ඉදිරියට ඇදෙනවා.

ගත රැඳි,බරැති වික්ටෝරියානු ඇඳුම් ආයිත්තම් උනා දමන ඔවුන්ට ජීවිතයේ එතෙක් අත් නොවිඳි හැඟීම් ගොන්නක්,සොඳුරු බවක් සහ උද්‍යෝගයක් දැනෙන්නට ගන්නවා.ඇයව සිරකර තිබූ කුඩාම බැඳීමකින් පවා නිදහස් වූ කළ,ගැහැණියක් මොනතරම් නම් සුන්දරව දිස් වෙනවාද? එවැන් ගැහැණියකගේ සැබෑම සොඳුරු බව විඳිය හැක්කේ ගැහැණියකටම නොවේද?

  • I Don’t want to go back to the life I had before you.-

වසං වී තිබී හමුවන පොසිලයක් මෙන්,ජීවිත කාලය තුළ හමුවන සමහර බැඳීම් අපිට අපගේ සැබෑව,සැබෑවටම අප කවුරුන්දැයි යන්න අවබෝධ කර දෙනවා.ඔබව ඔබෙන්ම නිදහස් කළ එවන් බැඳීමක් නැවුම් මතකයක් ලෙසින්,සදහටම ඔබේ මතකයේ රැඳී තිබේවි.

පූර්ණිමා සෙව්වන්දි(fb)

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...