මිහිරි බැඳීම සමගින් ඉදිරියට ඇදෙන Ammonite (2020)

Share post:

ජීවත්වීම නිසාම අපි තුල ඇතිවන ආතතිය,වෙහෙසකාරී බව,සැක සංකා පලවා හැරීමට අපි සියල්ලන්ටම කුමන ආකාරයේ හෝ ඔසු උවමනා වෙනව. ලෙංගතු සබඳතාවක් කියන්නෙත් එවැනි ඔසුවක්. ඇතැම්විට, මොනතරම් සොඳුරු ආශාවන් අපිටත් නොදැනීම අප සිත්හි උපදිනවාද? ඒ ආශාවන්ට පුළුවන් අපිව මෙහෙයවන්න.

මේරි තරුණ විය ඉක්මවමින් සිටි ගැහැණියක්. සුන්දර මුහුදුබඩ පරිසරයක, කුඩා නිවසක ඇය ජීවත්වුනේ තමන්ගෙ වියපත් මව සමගින්. නිතරම වෙරළ තීරයේ එහෙ මෙහෙ ඇවිද්ද මේරි වෙරළ තීරයෙන් හමුවන විචිත්‍ර පාෂාණ, පොසිල වැනි දේවල් එක් රැස් කරා.සාගරයේ සැඟව ඇති පරිණාමයේ ඉපැරණි සළකුණු ඇගේ ජීවිතේ හුදකලාව මකා දමන්න ඇති. මේ ගැහැණිය තමන්ගෙ හැඟීම් පිටතට නොපෙන්වූ, නිහඬ හුදකලා දිවිපෙවෙතක් ගෙවූ අයෙක්.
පුරාවිද්‍යාඥයෙක් වුන රොඩ්රික් සහ ඔහුගේ තරුණ බිරිඳ චාලට්, මේරිව මුණගැහෙන්න එන්නෙ ඔය අතරවාරයෙ. නොබෝ දිනකින්ම මේරිට දැනගන්න ලැබෙනව චාලට්ගෙ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවන වග. අතිශය නැවුම් මුහුදු සුළඟ තමාගේ බිරිඳ සුවපත් කරනු ඇතැයි විශ්වාස කරන රොඩ්‍රික්, මේරිගේ නවාතැනේ ටික දිනක් ගත කරන්නැයි චාලට් හට පවසමින් ඇගෙන් සමුගන්නවා.

කර්කශ ජීවිතේකට හුරු වුන මේරි නම් වූ ගැහැණියගේත්, බැඳීමක උණුසුම නොමැතිකමින් තෝන්තුවාවෙන් කාලය ගෙවා දැමූ චාලට් ගේ ත් ඒ හමුවීම එතැන් පටන් දිනෙන් දින වර්ධනය වෙනවා. ඔවුන්ගේ ඒ මිහිරි බැඳීම සමගින් Ammonite ඉදිරියට ඇදෙනවා.

ගත රැඳි,බරැති වික්ටෝරියානු ඇඳුම් ආයිත්තම් උනා දමන ඔවුන්ට ජීවිතයේ එතෙක් අත් නොවිඳි හැඟීම් ගොන්නක්,සොඳුරු බවක් සහ උද්‍යෝගයක් දැනෙන්නට ගන්නවා.ඇයව සිරකර තිබූ කුඩාම බැඳීමකින් පවා නිදහස් වූ කළ,ගැහැණියක් මොනතරම් නම් සුන්දරව දිස් වෙනවාද? එවැන් ගැහැණියකගේ සැබෑම සොඳුරු බව විඳිය හැක්කේ ගැහැණියකටම නොවේද?

  • I Don’t want to go back to the life I had before you.-

වසං වී තිබී හමුවන පොසිලයක් මෙන්,ජීවිත කාලය තුළ හමුවන සමහර බැඳීම් අපිට අපගේ සැබෑව,සැබෑවටම අප කවුරුන්දැයි යන්න අවබෝධ කර දෙනවා.ඔබව ඔබෙන්ම නිදහස් කළ එවන් බැඳීමක් නැවුම් මතකයක් ලෙසින්,සදහටම ඔබේ මතකයේ රැඳී තිබේවි.

පූර්ණිමා සෙව්වන්දි(fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...