ගාලු සාහිත්‍ය උළෙල – 2025

Share post:

වසරේ උත්කර්ෂවත්ම සාහිත්‍ය උත්සවය වන ගාලු සාහිත්‍ය උළෙල 2025 පෙබරවාරි 6 වැනි බ්‍රහස්පතින්දා සිට 9 වැනි ඉරිදා දක්වා මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. galleliteraryfestival.com වෙබ් අඩවිය හරහා ප්‍රවේශපත්‍ර දැන් මිලදී ගත හැකිය. නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ ආකර්ශණීය සංවාදයේ විචිත්‍රවත් සිව් දින සැමරුමකට සම්බන්ධ වීමට අමුත්තන්ට අවස්ථාව ලබා දී ඇත. පෙබරවාරි 6 සිට 9 දක්වා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි ගාලු කො‍ටුව ඇතුළත කීර්තිමත් දේශීය, විදේශීය ලේඛක, ලේඛිකාවන් සහභාගී වන සැසි 100ට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනු ඇත.

මේ වසරේ පැවැත්වෙන සාහිත්‍ය උළෙල විවිධාංග ‍රැසකින් සමන්විතය. ඒ අතර නොමිලේ පැවැත්වෙන වැඩසටහන්, ගැඹුරු සංවාද සැසි, සූපශාස්ත්‍ර රසවින්දන වැඩසටහන්, සාහිත්‍ය භෝජන සංග්‍රහ ඇතුළු සහභාගි වන ඕනෑම අයකුම ආකර්ශණය කර ගැනීමට සමත් විවිධ වැඩසටහන් ඇතුළත් වේ.
2025 ගාලු සාහිත්‍ය උළෙලේ වැඩසටහන් කාණ්ඩ අතර විවිධ ශානරීය සැසි, වැඩමුළු, සාහිත්‍ය භෝජන සංග්‍රහ, විනෝදාස්වාද වැඩසටහන්, ARTRA හවුල්කාරීත්වයෙන් පැවැත්වෙන සිතුවම් සහ කලා ප්‍රදර්ශන, ළමා සාහිත්‍ය උත්සව ආදිය අන්තර්ගතය. සාහිත්‍ය සැසි යටතේ ප්‍රකට සාහිත්‍යකරුවන් වන ශ්‍යාම් සෙල්වදුරෙයි, මයිකල් ඇටන්බරෝ, පිලිප් සෑන්ඩ්ස්, අෆුවා හර්ෂ්, සත්නම් සංගේරා, සාබා ඩග්ලස් හැමිල්ටන් ඇතුළු තවත් බොහෝ දෙනකු සහභාගි වනු ඇත.

උදෑසන යෝගාවලින් දවස ඇ‍රැඹේ. නිර්මාණාත්මක රචනයේ සිට ඡායාරූපකරණය දක්වා ක්ෂේත්‍ර ගණනාවක කුසලතා ඔප්නංවා ගැනීමට අවස්ථාව සැලසෙන ආකාරයේ වැඩමුළු පැවැත්වේ. එසේම ගාලු කො‍ටුවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඉතිහාසඥයන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ගාලු කො‍ටුවේ පදිංචිකරුවන් සමඟ ඇවිදිමින් උගැනීමට ද අවස්ථාව සලසා දී ඇත.

සාහිත්‍ය භෝජන සංග්‍රහ යටතේ ඔබේ ප්‍රියතම ලේඛක, ලේඛිකාවන් සමඟ ගාල්ල අවට සොඳුරු ස්ථානවල දිවා සහ රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා එකතු විය හැකිය. එසේම දිනපතා දහවල් පැවැත්වෙන කවි සැසිවලදී ඔවුන් හා තේ පැන් බොමින් කවි රස විඳීමට ද හැකිය. ඉර බැස යන විට ප්‍රියතම ලේඛක, ලේඛිකාවන් සමඟ කොක්ටේල් තොලගෑමට ද අවස්ථාව ලබා දී ඇත.

විනෝදාස්වාදය වෙනුවෙන් ජෑස් සංගීතය, නර්ථන අංග සහ සම්භාව්‍ය සංගීතය රස විඳීමටත් හැකි අතර DJ සංගීතය සහිත රාත්‍රී සාද ආදියටත් සහභාගි විය හැකිය. හාස්‍ය ප්‍රිය කරන ඔබට ශෂී පෙරේරා සමඟ ‘හාස්‍ය රාත්‍රියක්’ ගත කළ හැකිය.

සමකාලීන සිතුවම් සහ කලා ප්‍රදර්ශන ප්‍රිය කරන ඔබට ගාලු කො‍ටුව ඇතුළත පිහිටි කලා මඟ ඔස්සේ ඇවිද යමින් රස වින්දනය පුළුල් කරගත හැකිය. එසේම ළමුන් වෙනුවෙන් වෙන් කළ ළමා සාහිත්‍ය යටතේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ පැවැත්වෙන නිර්මාණාත්මක වැඩමුළු සහ කතන්දර කීමේ සැසිවලට සහභාගි විය හැකිය.

මේ සියල්ල සහ තවත් බොහෝ දේ සමඟ ගාලු සාහිත්‍ය උළෙල ඔබ වෙනුවෙන් මඟ බලා සිටියි. උත්සව ප්‍රවේශපත්‍ර දැන් අවසන්ව ඇති අතර, එක් දින ප්‍රවේශපත් පමණක් ඔන්ලයින් ක්‍රමයෙන් දැන් ලබාගත හැකිය. පහත වෙබ් අඩවියෙන් ගාලු සාහිත්‍ය උළෙලේ සම්පූර්ණ වැඩසටහන් විස්තරය බාගත කරගත හැකිය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...