නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුරුදන් වීම : කරුණා අම්මාන්ගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි !

Share post:

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන්වීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි.

අවස්ථා 02කදී හිටපු ඇමැතිවරයා මේ සඳහා එම දෙපාර්තමේන්තුවට ගෙන්වා ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

2006 දෙසැම්බර් 15 වැනිදා කොළඹ – 07, විද්‍යා මන්දිරයේ පිහිටි සම්මන්ත්‍රණයකින් පසු අධිආරක්ෂිත කලාපයක් තුළදී ඔහු අතුරුදන් වී ඇත. දිගින්-දිගටම රවීන්ද්‍රනාත්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුට කොළඹ සිට සිය රාජකාරි කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
ඒ අතරතුර ඔහු ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සම්මන්ත්‍රණවලට සහභාගි වී තිබූ අතර, 15 වැනිදා පවත්වා ඇත්තේ ද එවැනි සම්මන්ත්‍රණයකි.

රවීන්ද්‍රනාත් අතුරුදන්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව මේ සිදුවීමට තමිල් මක්කලෙයි විඩුතල් පුල්ලිගල් කණ්ඩායමේ සම්බන්ධයක් ඇති බව තහවුරු වී තිබිණි. 2008 වසරේදී එය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කොට නැගෙනහිර පළාත් සභා මැතිවරණයට මුල් වරට ඉදිරිපත් විය. රවීන්ද්‍රනාත්ගේ රියදුරාට මේ කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් නිතර දුරකතන ඇමතුම් පැමිණ ඇති බවත්, ඔහු එම කණ්ඩායම සමග සම්බන්ධකම් පැවැත්වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබිණි. කෙසේ වෙතත් එම පරීක්ෂණ අතරමග නතර වී ඇත.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විමර්ශන අංශවලට උපදෙස් ලබාදුන් ලැයිස්තුවේ සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ගේ අතුරුදන් වීම ද විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...