නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුරුදන් වීම : කරුණා අම්මාන්ගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි !

Share post:

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන්වීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි.

අවස්ථා 02කදී හිටපු ඇමැතිවරයා මේ සඳහා එම දෙපාර්තමේන්තුවට ගෙන්වා ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

2006 දෙසැම්බර් 15 වැනිදා කොළඹ – 07, විද්‍යා මන්දිරයේ පිහිටි සම්මන්ත්‍රණයකින් පසු අධිආරක්ෂිත කලාපයක් තුළදී ඔහු අතුරුදන් වී ඇත. දිගින්-දිගටම රවීන්ද්‍රනාත්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුට කොළඹ සිට සිය රාජකාරි කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
ඒ අතරතුර ඔහු ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සම්මන්ත්‍රණවලට සහභාගි වී තිබූ අතර, 15 වැනිදා පවත්වා ඇත්තේ ද එවැනි සම්මන්ත්‍රණයකි.

රවීන්ද්‍රනාත් අතුරුදන්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව මේ සිදුවීමට තමිල් මක්කලෙයි විඩුතල් පුල්ලිගල් කණ්ඩායමේ සම්බන්ධයක් ඇති බව තහවුරු වී තිබිණි. 2008 වසරේදී එය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කොට නැගෙනහිර පළාත් සභා මැතිවරණයට මුල් වරට ඉදිරිපත් විය. රවීන්ද්‍රනාත්ගේ රියදුරාට මේ කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් නිතර දුරකතන ඇමතුම් පැමිණ ඇති බවත්, ඔහු එම කණ්ඩායම සමග සම්බන්ධකම් පැවැත්වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබිණි. කෙසේ වෙතත් එම පරීක්ෂණ අතරමග නතර වී ඇත.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විමර්ශන අංශවලට උපදෙස් ලබාදුන් ලැයිස්තුවේ සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ගේ අතුරුදන් වීම ද විය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...