2015 – 2017 අවුරුදු දෙකෙන් පස්සෙ මෝදි යළිත් ලංකාවට එන්න සැරසෙයි : අනුර චීනයට යන්න සැරසෙයි !

Share post:

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉතා ඉක්මනින් ලංකාවේ සංචාරයක යෙදෙනු ඇති බව ලංකාවේ ඉන්දීය තානාපති සන්තෝෂ් ජා පවසයි.

අද (07) ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය නිල වශයෙන් මේ බව නිවේදනය කළ අතර, රාජ්‍ය නායකයන්ගේ පහසුව අනුව කඩිනමින් මේ සංචාරයට දින යොදාගනු ඇති බව ද තානාපති කාර්යාලය අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දින 02ක ඉන්දීය නිල සංචාරයේදී එරට අගමැතිවරයාට මේ සඳහා නිල ආරාධනයක් කර තිබිණි. එහෙත් ඊට මෙතෙක් ඉන්දීය රජය කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස මුලින්ම නිල සංචාරයක් සඳහා තෝරාගෙන තිබුණේ ඉන්දියාව වන අතර, ඔහුට සුබ පැතීමට මුලින්ම පැමිණි රාජ්‍ය නිල නියෝජිතයා වූයේ ද ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජායිශංකර් ය.

2015 වසරේදී සහ 2017 වසරේදී ඉන්දීය අගමැති මෝදි ලංකාවේ සංචාර දෙකකට සහභාගි විය. මේ අතර ලබන 14 සිට 17 දක්වා ජනාධිපති දිසානායක චීනයේ නිල සංචාරයක යෙදීමට නියමිත ය. 

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...