දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹදී පැවැත්වේ !

Share post:

දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කළාප නියෝජනය කරන නායකයන්, විශේෂඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වන මෙහිදී කෘෂි-ආහාර ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන ගැටළු සාකච්ඡා කෙරේ.

Bharat Subcontinent Agri Foundation ශ්‍රී ලංකා රජය සමග සංවිධානය කරන මෙම සැසියේදී කළාපීය සහයෝගීතාව වර්ධනය කිරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, කෘෂි වෙළෙඳාම ඉහළ නැංවීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කෙරේ. “Global South for Global South (GS2)” යන තේමාව මුල් කර ගෙන පැවැත්වෙන මෙම සැසියේදී ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සහ ධාන්‍ය, සහල්, සීනි, මාංශ බෝග, කුළුබඩු, උද්‍යාන අලංකරණ, ධීවර හා වැවිලි වැනි ක්ෂේත්‍රවලට අදාළ අන්තර් කළාපීය වෙළෙඳ කටයුතු පුළුල් කිරීම සඳහා වන අවස්ථාද සාකච්ඡා කෙරේ.

කර්මාන්ත විශේෂඥයෝ, ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීහු, ව්‍යාපාරිකයෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය වැනි රටවල් රැසක නියෝජිතයෝ ඊට සහභාගී වෙති. එහි න්‍යාය පත්‍රයට ඉහළ පෙළේ සාකච්ඡා, රජයන් අතර උපායමාර්ගික ගිවිසුම් සහ ආරම්භක මට්ටමේ පවතින කළාපීය කෘෂි-ආහාර තාක්ෂණ ව්‍යාපෘති දිරිමත් කිරීම සඳහා වන සමුළුවක්ද ඇතුළත් වේ. මෙම සැසිය තුළින් ගෝලීය කෘෂි-ආහාර ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානයේ වැදගත්කම පිළිබිඹු වන අතර නව ව්‍යාපාර අවස්ථා ඇති කිරීම, ආයෝජන අවස්ථා උදා කර ගැනීම සහ තිරසාර කෘෂි-වෙළෙඳ ප්‍රතිපත්ති ඇති කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ දැක්ම සාක්ෂාත් කර ගැනීමටද එය ඉවහල් වේ. 2023දී මෙම සැසිය නේපාලයේ කත්මණ්ඩු නුවරදී සහ 2024දී තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි. රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් 1,000කට අධික ව්‍යාපාර නායකයෝ ඊට සහභාගී වූහ. සැසිය පිළිබඳ වැඩි විස්තර [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයෙන් Bharat Subcontinent Agri Foundationහි මෙරට නියෝජිත ආචාර්ය අබ්දුල් කාදර් මහතාගෙන් ගත හැකිය.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...