දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹදී පැවැත්වේ !

Share post:

දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කළාප නියෝජනය කරන නායකයන්, විශේෂඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වන මෙහිදී කෘෂි-ආහාර ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන ගැටළු සාකච්ඡා කෙරේ.

Bharat Subcontinent Agri Foundation ශ්‍රී ලංකා රජය සමග සංවිධානය කරන මෙම සැසියේදී කළාපීය සහයෝගීතාව වර්ධනය කිරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, කෘෂි වෙළෙඳාම ඉහළ නැංවීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කෙරේ. “Global South for Global South (GS2)” යන තේමාව මුල් කර ගෙන පැවැත්වෙන මෙම සැසියේදී ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සහ ධාන්‍ය, සහල්, සීනි, මාංශ බෝග, කුළුබඩු, උද්‍යාන අලංකරණ, ධීවර හා වැවිලි වැනි ක්ෂේත්‍රවලට අදාළ අන්තර් කළාපීය වෙළෙඳ කටයුතු පුළුල් කිරීම සඳහා වන අවස්ථාද සාකච්ඡා කෙරේ.

කර්මාන්ත විශේෂඥයෝ, ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීහු, ව්‍යාපාරිකයෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය වැනි රටවල් රැසක නියෝජිතයෝ ඊට සහභාගී වෙති. එහි න්‍යාය පත්‍රයට ඉහළ පෙළේ සාකච්ඡා, රජයන් අතර උපායමාර්ගික ගිවිසුම් සහ ආරම්භක මට්ටමේ පවතින කළාපීය කෘෂි-ආහාර තාක්ෂණ ව්‍යාපෘති දිරිමත් කිරීම සඳහා වන සමුළුවක්ද ඇතුළත් වේ. මෙම සැසිය තුළින් ගෝලීය කෘෂි-ආහාර ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානයේ වැදගත්කම පිළිබිඹු වන අතර නව ව්‍යාපාර අවස්ථා ඇති කිරීම, ආයෝජන අවස්ථා උදා කර ගැනීම සහ තිරසාර කෘෂි-වෙළෙඳ ප්‍රතිපත්ති ඇති කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ දැක්ම සාක්ෂාත් කර ගැනීමටද එය ඉවහල් වේ. 2023දී මෙම සැසිය නේපාලයේ කත්මණ්ඩු නුවරදී සහ 2024දී තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි. රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් 1,000කට අධික ව්‍යාපාර නායකයෝ ඊට සහභාගී වූහ. සැසිය පිළිබඳ වැඩි විස්තර [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයෙන් Bharat Subcontinent Agri Foundationහි මෙරට නියෝජිත ආචාර්ය අබ්දුල් කාදර් මහතාගෙන් ගත හැකිය.

Related articles

රසිකා, මායාකාර කිවිඳියක්

කවියෙ හි ජීවය ලෙස සලකන්නේ එහි උපයුක්ත බස. කවිය ඍජු ලෙස නැගී සිටින්නාවූ සැකිල්ල වන්නේ එහි ආකෘතිය. නමුත්...

‘ඊස්ට්‍රජන්’ – සුරේඛා සමරසේන

ස්ත්‍රී ආශාව විවිධ අවස්ථාවල, විවිධ පරිසරයන් හා විවිධ සමාජ පංති තුළ වර නැගෙනුයේ එකම ආකාරයට නොවේ. එහෙත් එය...

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...