ශිරන්ති සීඅයිඩී එයිද? : 2015-2019 වගේ වෙනත් තැනක් ඉල්ලුවොත් මොනවා වෙයිද? : බරපතළ අපරාධ පිළිබඳ නීතිපතිටත් ජනපතිගෙන් දොස් !

Share post:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ අංශයට මෙසේ ශිරන්ති රාජපක්ෂ කැඳවීමට නියමිතව ඇත්තේ රාජ්‍ය මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය. 2010 – 2015 කාලයේ සිදු කළ බරපතළ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ද ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වී තිබෙන අතර, ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම ඒ අතරින් එකකි. ඇයගේ දුරකතන දත්ත වාර්තාවලින් හෙළිවන කරුණු අනුව ඇය ඊට සම්බන්ධ බවට සැක මතු වී තිබේ.

2015 – 2019 පැවැති යහපාලන ආණ්ඩුව කාලයේදී ද විමර්ශනයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය විය. එහෙත් එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එවකට අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී හැර වෙනත් තැනකදී ප්‍රකාශයක් දීමට ශිරන්ති රාජපක්ෂට ඉඩ ලබාදෙන ලෙසයි. ඒ අනුව එවකට කතානායක චමල් රාජපක්ෂගේ කාර්යාලයේදී එම ප්‍රකාශය ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී තිබිණි. ශිරන්ති රාජපක්ෂ ප්‍රකාශය ලබාදුන්නේ පාර්ලිමේන්තුව අසල පිහිටි කතානායකවරයාගේ නිල නිවසේදී ය.
ඉන්පසු ඇයව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලදි. ඊට හේතු වූයේ වසීම් තාජුඩීන් පැහැරගැනීමට යොදාගත් බවට සැක කෙරෙන ජීප් රථය ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යන සිරිලිය සවිය පදනමට රතු කුරුස ආයතනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු වාහනයක් වීමයි.

පසුගිය සිකුරාදා හිටපු ජනාධිපතිවරයාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, පැය දෙකක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඔහු පිටව ගියේය. ඊට පෙස දෙසැම්බර් 27 වැනිදා මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි විශ්‍රාමික මේජර් නෙවිල් වන්නිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලදි.

මේ අතර පසුගිය සතියේ පොලිස් ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක විමසා ඇත්තේ බරපතළ අපරාධ සහ මූල්‍ය වංචා පිළිබඳ විමර්ශන සහ නීතිය ක්‍රියාත්මක කිරීම් දිගින්-දිගටම ප්‍රමාද වන්නේ කුමක් නිසාද යනුවෙනි. එහිදී පොලිස් ප්‍රධානීන් ඇතැම් අපරාධ සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් කරමින් පවසා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබානොදීමත්, චෝදනා ගොනුකිරීමේ ප්‍රමාදයනුත් පවතින බවයි.

ඉන්පසු ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා අමතා ඊට හේතු විමසා ඇති බවත්, ඒ පිළිබඳ සාධාරණ හේතු ඇත්නම්, ඒවා පිළිබඳව සඳහන් වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස දන්වා ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ශිරන්ති රාජපක්ෂට නැවත වෙනත් ස්ථානයකදී ප්‍රකාශයක් ලබාගැනීමට පහසුකම් සලසා දෙන්නැයි ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත් වීමට ද ඉඩ ඇතැයි මහින්ද රාජපක්ෂට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම...

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...