පොලිසියේ 01 සහ 02 ගැටුම දුරදිග යයි : හේතුව ජ්‍යෙෂ්ඨත්වය !

Share post:

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක අතර ගැටුම තීව්‍රවෙමින් පවතින බව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට දිගින්-දිගටම දැනුම් දී තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තමන්ගේ නියෝග ක්‍රියාත්මක නොකරන බවයි. මේ හේතුව නිසා පොලිසියේ පරිපාලන කටයුතු පිළිබඳ ගැටලු මතු වී ඇති බව ද ඔහු අමාත්‍යංශයට පෙන්වා දී ඇත.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දරන ලලිත් පතිනායක ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳව ගැටලු ඇති නිසා තමන්ට වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග පිළිපැදීම ප්‍රශ්නයක් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර ද බෙදීමක් මතුවෙමින් පවතින බව වාර්තා වන අතර, මහජන ආරක්ෂක අමාත්‍යංශය මේ පිළිබඳ හදිසි සාකච්ඡාවක් ද කැඳවීමට තීරණය කර ඇත.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...