පොලිසියේ 01 සහ 02 ගැටුම දුරදිග යයි : හේතුව ජ්‍යෙෂ්ඨත්වය !

Share post:

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක අතර ගැටුම තීව්‍රවෙමින් පවතින බව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට දිගින්-දිගටම දැනුම් දී තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තමන්ගේ නියෝග ක්‍රියාත්මක නොකරන බවයි. මේ හේතුව නිසා පොලිසියේ පරිපාලන කටයුතු පිළිබඳ ගැටලු මතු වී ඇති බව ද ඔහු අමාත්‍යංශයට පෙන්වා දී ඇත.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දරන ලලිත් පතිනායක ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳව ගැටලු ඇති නිසා තමන්ට වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග පිළිපැදීම ප්‍රශ්නයක් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර ද බෙදීමක් මතුවෙමින් පවතින බව වාර්තා වන අතර, මහජන ආරක්ෂක අමාත්‍යංශය මේ පිළිබඳ හදිසි සාකච්ඡාවක් ද කැඳවීමට තීරණය කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...