මාධ්‍යවේදීන්ට එල්ලකරන ප්‍රහාර පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් පොලිස්පතිට ලිපියක් !

Share post:

මාධ්‍යවේදීන් ඉලක්ක කොට සිදුකරන ප්‍රහාරවලට කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යවයි.

කිලිනොච්චියේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන නිදහස් මාධ්‍යවේදී තමිල් චෙල්වම් සහ අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍ය සංගමයේ සභාපති අචල උපේන්ද්‍ර පසුගිය දින කිහිපය ඇතුළත මැර ප්‍රහාරයන්ට ලක් වූ බවත්, මාධ්‍යවේදී තමිල් චෙල්වම්ට පහරදී ඔහු පැහැරගැනීමට ද උත්සාහ දරා ඇති බවත් එම ලිපිය මගින් පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වැලි ජාවාරම්කරුවන් පිරිසක් මාධ්‍යවේදී අචල උපේන්ද්‍රට පහරදී කැමරා ආම්පන්නවලට හානි සිදු කර ඇතැයි ද අවධාරණය කරයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හනා ඊබ්‍රහීම් සහ එහි ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් පෙරේදා (04) මේ ලිපිය පොලිස්පතිවරයා වෙත යවා ඇත.

මේ සිදුවීම් 2ම දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකින බවත්, මෙවැනි සිදුවීම් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ දැඩි තර්ජනයක් ලෙසත් එම ව්‍යාපාරය පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
එසේම මෙවැනි පහරදීම් හා තර්ජනය කිරීම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට බරපතළ බාධාවක් බවත්, පසුගිය ආණ්ඩු පැවැති කාලවලදී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධවලට අදාළ යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලිය අවසන්ව නොමැති පසුබිමක තවදුරටත් මෙවැනි අපරාධ සිදුවීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස අනුමත කළ නොහැකි බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙමගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...