රෝයල් නර්සින් හෝම් ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සත්කාරක සේවා සැපයුම්කරු ලෙස People’s Excellency සම්මාන දිනයි !

Share post:

සත්කාරක සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම People’s Excellency සම්මාන උළෙලේදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස සම්මානයයෙන් පිදුම් ලැබීය. පසුගියදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් නියෝජනය කරමින් මෙහෙයුම් කළමනාකාරවරියන් වන කුෂිණි කුමාරසිංහ මහත්මිය සහ රුවන්ති ෆර්නෑණ්ඩු මෙනෙවිය වෙත සම්මානය පිරිනමන ලදී.

2007දී 25ක පමණ කාර්ය මණ්ඩලයකින් ඇරැඹුණු රෝයල් නර්සින් හෝම් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලම හෙද සත්කාර සේවා සපයන්නා වේ. මහරගම, ගල්කිස්ස, කඩුවෙල, හංවැල්ල යන ප්‍රදේශවල මෙන්ම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේද සුඛෝපභෝගී සත්කාරක සේවා මධ්‍යස්ථාන පවත්වා ගෙන යන රෝයල් නර්සින්ග් හෝම්හි වෛද්‍යවරු, හෙද පාලිකාවෝ, හෙදියෝ සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයෝ 1200ට වැඩි පිරිසක් සේවය කරන අති නවීන පහසුකම්වලින් සපිරි රෝයල් නර්සින් හෝම් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයයි. 2025 අවසානය වන විට 50,000කට වැඩි පිරිසකට සත්කාරක සේවා සැපැයීම ඔවුන්ගේ අරමුණ වේ.

ශ්‍රී ලංකා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලැබූ රෝයල් නර්සින් හෝම් සමාගමේ හෙද සේවා පහසුකම් සහ ගිලන් රථ සේවාවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතිවලට අනුව ක්‍රියාත්මක වේ. දෙස් විදෙස් සම්මාන සහ තත්ත්ව සහතික රැසක් ලබා ඇති එම සමාගම ISO 9001-2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ මෙරට ප්‍රථම සහ එකම සත්කාරක සේවා මධ්‍යස්ථානය වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...