මර්වින් පෙරේරට දී මම කෝල් එකක් – හමුවෙමු ඉන්ටර්විව් එකකට උදේ ටිකක්

Share post:

මර්වින් සමුඅරන් අවුරුදු දාහතර
ගෙවුණත් දැනෙන්නේ අද ඊයේ විතර
ඔහු හා මතක දේ මැද අතරින් පතර
රසවත් කතාවක් ඇත ඒ හැම අතර

හිතමින් ලැබෙන පිළිතුර වේවිදැයි මොකක්
මර්වින් පෙරේරට දී මම කෝල් එකක්
හමුවෙමු ඉන්ටර්විව් එකකට උදේ ටිකක්
ඇහුවා දිනක් උදයෙක ඇති වුණත් සැකක්

ඉන්නේ ගෙදර අද නම් සොමියෙන් දවස
බර සංවාද අද බැහැ ගන්නට ඉවස
කයියක් ගහන්නට නම් නිවමින් පවස
එනවා නම් වරෙන් මේ පැත්තට හවස

එහෙනං ඉන්ටර්විව් එක පැත්තකින් තියා
⁣අපි ලොකු කතාබහකට වැඩි දුරට නොයා
එක සිංදුවක් ගැනවත් කියනවද ඔයා
එය හැක තබන්නට මට පත්තරේ ලියා

මා සනසා ගැනයි විමසන්නට හිතුවේ
මේ ගැන හිතලු සමහර උදවිය ගෙතුවේ
එක එක කතා එක එක අයගෙන් මතුවේ
ඒ පිළිබඳව හරි තතු දැනගත යුතුවේ

ඒ ගැන එහෙම නම් පවසන්නම ඕනේ
කියමින් හතර මායිම දිග ඇරියානේ
තව කුකුසක් උඹට ඒ පිළිබඳ නෑනේ
කියලා මෙහෙම ඇහුවා ඔහු අවසානේ

බැඳලද නැද්ද කියපං මට උඹ තාම
නෑ කිව් සැනින් කිව්වේ “කදිමයි බෝම”
හනිමුන් දවසෙ සිංදුව අහපන් රෑම
සිංදුව අර්ථෙ තේරෙයි බොට හොදටෝම

මර්වින් අයියගේ ඒ රස හඬ පටය
ඇත්තේ මගේ ළග තව සුරුකුම්කොටය
එන්නේ දුකක් ඒ හඬ ඇහෙනා විටය
අදටත් වඩා එහි වටිනාකම හෙටය

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...