කුසල් ජනිත්ගේ ඉනිම පරදවන ඉනිමක් ක්‍රීඩා කිරීමට තරම් ප්‍රතිවාදියෙක් නැහැ

Share post:

කුසල් ජනිත් පෙරේරා සුදු පන්දු ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් බව මා බොහෝ කාලයක සිට කියනා කතාවක්.
එක්දින තරග කෙසේ වෙතත් T20 කණ්ඩායමක අනිවාර්යෙන්ම ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයක ඉඩ වෙන්විය යුතුයි.
එයට හේතුවක් තිබෙනවා.
කුසල් ජනිත් පෙරේරාගේ ක්‍රීඩාවේ තිබෙන්නේ ආකෘති දෙකයි.
එක්කො ඔහු ඉතාම විහිලු සහගත ලෙස කඩුල්ල විසි කරමින්, මුල් පන්දු කිහිපයේම දැවී යනවා.
එසේ නොමැතිනම් ඔහු තරගයක් දිනවන, ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරනවා.
ඔහු දෙවන ආකෘතියේ ඉනිමක් ක්‍රීඩා කරන දිනට, ප්‍රතිවාදීන් සතුව කොතරම් හොඳ පන්දු යවන්නන් සිටියත් එය අදාල වන්නේ නැහැ.
එමෙන්ම ප්‍රතිවාදීන් සතුව කොතරම් දක්ෂ පිතිකරුවන් සිටියත්, එදින දවසේ වීරයා කුසල් ජනිත්. ඔහුගේ ඉනිම පරදවන ඉනිමක් ක්‍රීඩා කිරීමට තරම් ප්‍රතිවාදියෙක් නැහැ.
ඒ ඔහුගේ ක්‍රීඩාව. එය තරමක් සනත්ගේ ක්‍රීඩාවට සමානයි.
සනත් සහ ඔහු අතර ප්‍රධානම වෙනස, පිතිකරුවෙකු වශයෙන් මේ ආකෘති දෙක අතර අනුපාතයේ වෙනස පමණයි.
කුසල් පෙරේරාට පන්දුව පෙනෙනා, රිද්මයට පැමිණි දිනයේ නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී T20 ශතකයක් හෝ, ඩර්බන් පිටියේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට එරෙහිව ඉතිහාසයේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිම හෝ ක්‍රීඩා කිරීම ඔහුට අපහසු දෙයක් නොවෙයි.
පන්දු 120 ක ක්‍රීඩාවක එවැනි ක්‍රීඩකයෙකු වෙනුවෙන් ස්ථානයක් වෙන් කිරීම කිසිසේත්ම පාඩුවක් වන්නේ නැහැ.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

     2025. 01. 02

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...