කුසල් ජනිත්ගේ ඉනිම පරදවන ඉනිමක් ක්‍රීඩා කිරීමට තරම් ප්‍රතිවාදියෙක් නැහැ

Share post:

කුසල් ජනිත් පෙරේරා සුදු පන්දු ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් බව මා බොහෝ කාලයක සිට කියනා කතාවක්.
එක්දින තරග කෙසේ වෙතත් T20 කණ්ඩායමක අනිවාර්යෙන්ම ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයක ඉඩ වෙන්විය යුතුයි.
එයට හේතුවක් තිබෙනවා.
කුසල් ජනිත් පෙරේරාගේ ක්‍රීඩාවේ තිබෙන්නේ ආකෘති දෙකයි.
එක්කො ඔහු ඉතාම විහිලු සහගත ලෙස කඩුල්ල විසි කරමින්, මුල් පන්දු කිහිපයේම දැවී යනවා.
එසේ නොමැතිනම් ඔහු තරගයක් දිනවන, ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරනවා.
ඔහු දෙවන ආකෘතියේ ඉනිමක් ක්‍රීඩා කරන දිනට, ප්‍රතිවාදීන් සතුව කොතරම් හොඳ පන්දු යවන්නන් සිටියත් එය අදාල වන්නේ නැහැ.
එමෙන්ම ප්‍රතිවාදීන් සතුව කොතරම් දක්ෂ පිතිකරුවන් සිටියත්, එදින දවසේ වීරයා කුසල් ජනිත්. ඔහුගේ ඉනිම පරදවන ඉනිමක් ක්‍රීඩා කිරීමට තරම් ප්‍රතිවාදියෙක් නැහැ.
ඒ ඔහුගේ ක්‍රීඩාව. එය තරමක් සනත්ගේ ක්‍රීඩාවට සමානයි.
සනත් සහ ඔහු අතර ප්‍රධානම වෙනස, පිතිකරුවෙකු වශයෙන් මේ ආකෘති දෙක අතර අනුපාතයේ වෙනස පමණයි.
කුසල් පෙරේරාට පන්දුව පෙනෙනා, රිද්මයට පැමිණි දිනයේ නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී T20 ශතකයක් හෝ, ඩර්බන් පිටියේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට එරෙහිව ඉතිහාසයේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිම හෝ ක්‍රීඩා කිරීම ඔහුට අපහසු දෙයක් නොවෙයි.
පන්දු 120 ක ක්‍රීඩාවක එවැනි ක්‍රීඩකයෙකු වෙනුවෙන් ස්ථානයක් වෙන් කිරීම කිසිසේත්ම පාඩුවක් වන්නේ නැහැ.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

     2025. 01. 02

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...